සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක්

සුවසැරියට අලුත් ගිලන් රථ 112 ක්

රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  විසින් කර තිබෙන යෝජනාවකට අනුව සුවසැරියට අලුතෙන් ගිලන් රථ 112 ක් ලබාගැනීමට හැකි වී ඇත.

ඒ පිළිබද 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා ඒ පිළිබදව සිය අදහස් දක්වමින් මෙසේ පවසා ඇත. 

‘‘1990 සුවසැරිය රටේ ජනතාව වෙනුවෙන් දිනෙන් දිනම දියුණුවට පත්වීම පිළිබඳව මා හදවතින්ම සතුටු වෙනවා.

 කොවිඩ්-19 වසංගතය උත්සන්නව තිබෙන මේ අවස්ථාවේ ඉතාමත් කාලෝචිත එකක්. පක්ෂ පාට බේදයකින් තොරව හරිදේ කිරීමයි රට ඉදිරියට ගෙන යාමට වැදගත් වෙන්නේ.

එක ආණ්ඩුවක් කරපු දේ අනිත් ආණ්ඩුව නතර කිරීම, ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරුවීම නිසා තමයි අද ලංකාව මේ තත්ත්වයට වැටිල තියෙන්නේ. සුවසැරියට විවේචන ආවා. කරන්න එපා කිව්වා. නමුත්, ඒ ව්‍යාපෘතියේ තිබෙන සාර්ථකත්වය රටම පිළි අරගෙන තිබෙනවා. ඒ ගැන මට අවංක සතුටක් දැනෙනවා. සමහරු කිව්වා, මේ ගිලන් රථ ටික ඉවර වුණහම මේ ව්‍යාපෘතියත් ඉවරවෙයි කියලා. නමුත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වර්තමාන රජයද දක්වන ඉහළ දායකත්වය වෙනුවෙන් මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමියටත්, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නායකත්වය දෙන දුමින්ද්‍ර රත්නායකටත්, සොහාන් ද සිල්වා  ඇතුළු සුවසැරිය කාර්ය මණ්ඩලයටත් රට වෙනුවෙන් ඔවුන් කරන සේවය වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම, මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට නොමද සහයෝගය දුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් මා ස්තූතිවන්ත වෙනවා.

ආචාර්ය හර්ෂ ද සිල්වා,

පා.ම. 1990 සුවසැරිය නිර්මාතෘ

2021.05.05

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න