රිෂාඩ් පාර්ලිමේන්තු යැවීමට නීතිමය බාධාවක් නෑ - නීතිපති

රිෂාඩ් පාර්ලිමේන්තු යැවීමට නීතිමය බාධාවක් නෑ - නීතිපති

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හට  පාර්ලිමේන්තු සැසියට  ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

එහි අධ්‍යක්ෂවරයා  නීතිපතිගෙන් කළ විමසිමකට අනුව නීතිපතිවරයා මේ බව දන්වා ඇත.

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකළ විමර්ශනවලදී  හෙළිවූ කරුණු  පදනම් කරගනිමින් සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන්  විසින්  රිෂාඩ් බඳියුඩීන්  මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූ තොරතුරු මත ආරක්ෂක ලේකම්ගෙන් ලබා ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ  බදියුඩීන් සහ ඔහුගේ සහෝදරයා  මාස තුනකට රහස් පොලිසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න