මන්ත්‍රී කෝ : කැෆේ එජාපයෙන් අහයි !

මන්ත්‍රී කෝ : කැෆේ එජාපයෙන් අහයි !

එක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මඟින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇතැයි කැෆේ සංවිධානය කියයි. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් පෙන්වා දෙන්නේ  පක්ෂ අභ්‍යන්තර  අර්බුද  නිසා එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

වහා ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සකු පත් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගරු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර  වෙත ලිපියක් ද යොමු කර තිබේ. 

මහ මැතිවරණය පවත්වා මාස 07කට අධික කාලයක් ඉක්ම ගියද තවමත් ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අපොහොසත් වීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික අරාජිකත්වය  බවද හෙතෙම පෙන්වා දෙයි.  

2020 අගෝස්තු 5 වෙනිදා පැවති මහ මැතිවරණයෙන්  ඡන්ද 249485 ක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ලැබූ 2.15% ක ඡන්ද ප්‍රතිශතය නිසා එක් ජාතික ලැයිස්තු මන්ත්‍ර ධුරයක් පමණක් හිමිවිය.

නමුත් මේ වනතෙක් එම මන්තී ධුරය සඳහා සුදුස්සකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කොට නැත.

ප්‍රකාශයට පත් කර ඇති එජාප ජාතික ලයිස්තුවට අනුව එහි මුලින්ම සඳහන් වන්නේ  ජෝන් අමරතුංග මහතාගේ නම වුවද එම නම් කිරීම මෙතෙක් සිදු කර  නොමැත.

මෙම තත්වය නියෝජිත  ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කළ බලපෑමක් බව කැෆේ සංවිධානයේ අදහසයි.

මේ අතර කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂය වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න