ශානි ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ් !

ශානි ඇතුළු තිදෙනා තවදුරටත් රිමාන්ඩ් !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර  ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 19 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර නියෝග නිකුත් තිබේ. ඒ අදාළ සැකකරුවන්  අද (05)  ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේය.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ  ශානි අබේසේකර  ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩුව ගොනු කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් වන්නේ, ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අයය.

මෙහිදී නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන අවසන් කරන්නැයි, කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළ අධිකරණය ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කිරීමට නොහැකි නම් ඊට හේතු දක්වන්නැයි ද නියෝග කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න