ප්‍රබල ඉල්ලීම ට ලොක්ඩවුන් ඉවත්කළ දැල්තර වැඩිම ආසාදිතයින් වාර්තා වෙයි !

ප්‍රබල ඉල්ලීම ට ලොක්ඩවුන් ඉවත්කළ දැල්තර වැඩිම ආසාදිතයින් වාර්තා වෙයි !

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වන්නේ, වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා පිළියන්දල පොලිස් බලප්‍රදේශයම ආවරණය වන පරිදි පසුගියදා හුදකලා කිරීමෙන් පසු “ප්‍රබල ඉල්ලීම” මත කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් හුදකලා බවෙන් නිදහස් කළ ග්‍රාම නිලධාරී වසම් අතර තිබූ දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයෙනි.

ඒ අනුව ඊයේ (04) වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වන 147ක් වාර්තා වී ඇත.

ඒ් පසුගිය 30 වනදා සිදුකළ PCR පරීක්ෂණ 268ක ප්‍රතිඵල මතය.

එය 55%ක ප්‍රතිශතයකි.

මේ අතර කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් දින 16 කදී කොවිඩ් ආසාදිතයන් 400ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සිදු කරන ලද තවත් PCR පරීක්ෂණ 354ක වාර්තා ලැබීමට නියමිත බවද වාර්තා වේ.

lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න