Language Switcher

V2025

මහින්දට ලැබුණු අලුත් සභාපතිකම !

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  තේරීපත්වී තිබේ.

ඒ අනුව, ඔහු 2021/2022 වර්ෂය සඳහා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ 54වැනි වාර්ෂික සමුළුව අද (05) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා තිබේ.

ඔස්ට්‍රියාවේ සහ මොන්ගෝලියාවේ ඒ.ඩී.බී අධිපතිවරුන් මෙම රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු ලෙස තේරී පත්වූහ.

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික මහා සභා රැස්වීම ලබන වසරේ කොළඹ දී පැවැත්වීමට නියමිතය.