රුහුණේ VC නිරෝධායන පිස්සුවක - සිසු ජීවිත අනතුරේ : පැමිණිල්ල ජනාධිපතිට !

රුහුණේ VC  නිරෝධායන පිස්සුවක - සිසු ජීවිත අනතුරේ : පැමිණිල්ල ජනාධිපතිට !

අධ්‍යයන කටයුතු පවා  නවතා ඇති පසුබිමක සෞඛ්‍ය අංශ උපදෙස් පවා නොතකමින් රුහුණ විශ්වවිද්‍යාලයේ නීවාසිකාගාර සිසුන්ව උපකුලපතිවරයා විසින්  මානව විරෝධී සහ අමානුෂික ආකාරයට රඳවා තබාගෙන සිටීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසන සංවිධායක උපුල් නිශාන්ත සුභාවික්‍රම විසින්ය.

පසුගිය සමයේ විශ්වවිද්‍යාලයෙන් කොරෝනා ආසාදිත සිදුන් 20ක් පමණ වාතා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරන නමුත් ඒ පදනම් කරගෙන සියලු සිසුන් මෙසේ නේවාසිකාගාර තුළ නිරෝධායනය කියා රඳවා තැබීම සෞඛ්‍ය අංශ නිර්දේශ නොතකා සිදුකරන අත්තනෝමතික කටයුත්තක් බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එසේම උපකුලපති නියමයෙන් දිනපතා මේ සිසුන්ට කොත්තමල්ලි පානයක් ලබාදෙන නමුත් නිසි ආහාර වේලක් නොලැබෙන බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඊට අනුව මේ වන විට සිසුන් 500කට අධික ප්‍රමාණයක් නේවාසිකාගාර තුළ රඳවාගෙන ඇත. එසේම රුහුණු විශ්වවිද්‍යාල පරිපාලනය සෞඛ්‍ය අංශ වාචික නිර්දේශ අනුව කටයුතු නොකිරීම සම්බන්ධව මේ වන විට ලිඛිත දැනුම්දීම් ද සිදුකරමින් පවතී.

නමුත් උපකුලපති ඒ කිසිවක් මායිම් නොකර සිසුන් මෙසේ හුදකලාකර නේවාසිකාගාර තුළ බලහත්කාරයෙන් රඳවාගෙන ඇත. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ මාතර  ආසන සංවිධායක උපුල් නිශාන්ත සවිස්තරාත්මක පැමිණිල්ලක් මේ සම්බන්ධව ජනාධිපති වෙත යොමුකර ඇති අතර එය පහත දැක්වෙයි.

he 950px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න