කොරෝනා නසනවා කියන බොරු බෙහෙත් : අහුවෙන්න එපා !

කොරෝනා නසනවා කියන බොරු බෙහෙත් : අහුවෙන්න එපා !

කොරෝනා වසංගත තත්ත්වය දඩමීමා කරගෙන ව්‍යාජ තෙල් බෙහෙත් වෙළෙන්දන් වෙළඳපොළට පැමිණ ඇති අතර ඔවුන් සමාජ මාධ්‍ය ඇසුරෙන් සිය කූඨ ජාවාරම් ප්‍රචාර දියත්කර ඇත.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිකුත්කළ නිවේදනයක් පහත දැක්වෙයි.

COVID-19 වයිරස ආසාදිතයන් සදහා ‘ලොව එකම ආහාරමය අතිරේකය’ නමින් හැදින්වෙන පෙති වර්ග කිහිපයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි උපයෝගී කරගනිමින් අලෙවි කරගැනීමට යම් කණ්ඩායමක් කරයුතු කරන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට සමාජ මාධ්‍ය අධ්‍යනයේදී දැකගැනීමට හැකිවී ඇත.

ෆේස්බුක් පරිශීලකයන් දහතුන් දහසකට අධික පිරිසක් මෙම ව්‍යාජ පෙති වර්ගය සම්බන්ධයෙන් වන අන්තර්ගතයන් හුවමාරු කරගෙන ඇති අතර වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහාද මෙම ව්‍යාජ පෙති වර්ගය සම්බන්ධ අන්තර්ගතයන් හුවමාරු වෙමින් පවතී.

සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු නොකරන ලද මෙවැනි නිෂ්පාදන අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබාගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මජනතාව දැනුවත් කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න