Language Switcher

V2025

තෙල්දෙණියේදී අත්අඩංගුවට ගත්ත අයගේ අගමුල හොයන්න - ඥානසාර හිමි

තෙල්දෙණිය සිද්ධියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ අගමුල හා සියලු තොරතුරු ආරක්ෂක අංශ සොයා බැලිය යුතු යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඥානසාර හිමියන් මේ බව අවධාරණය කල අතර පසුගිය කාලය පුරා ත‍ලේබාන්, ඇෆ්ඝනිස්ථානය හා අයි.එස්. සාමාජිකයන් ලංකාවට පැමිණ ඇති බවට මාධ්‍ය තොරතුරු පළකළ බවත්   යම් ප්‍රදේශයක් අවුලා පිරිසක් ඉන් වාසි ලබා ගැනීමට බලා සිටින බවද උන්වහන්සේ සිහිපත් කර සිටියි.

රිෂාඩ්ට හොඳ නම් මට නරක ඇයි ?

එසේම තෙල්දෙණිය සිද්ධියේදී මියගිය තැනැත්තාගේ මළ ගෙදරට සහභාගිවීම සම්බන්ධයෙන් ඇතැම් අය තමාට චෝදනා කරන බව සඳහන් කළ  උන්වහන්සේ මුස්ලිම් මනුස්සයකුට ප්‍රශ්නයක් ආ විට රිෂාඩ් බදුර්දීන්ට පල්ලිවලට යෑමට හැකි නම් සිංහලයන් මැරුණම මළ ගෙදර යන්න මට බැරි ඇයි ද යන්න ප්‍රශ්නයක් බවද පැවසීය.

අගමැතිට සහ පොලිසියට චෝදනා 

එසේම මහනුවර ප්‍රදේශයේ ඇතිවූ සියලු ගැටුම් දුරදිග යාම සම්බන්ධව අගමැතිවරයා හා ආරක්ෂක අංශ වගකිව යුතු බවට චෝදනා කල ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් ඒ බව සඳහන් කර සිටියේ මෙසේය.

"අපි පලමුවෙන්ම චෝදනා කරනව මේ ඊයෙ ඇති වෙච්ච අද ඇතිවන සිද්ධි වලට සම්පුර්ණයෙන්ම මේ රටේ අගමැතිවරය සහ පොලීසිය වගකිව යුතුයි ....හේතුව පොලීසිය මේ වෙද්දි මරණයට පත්වෙච්ච කුමාරසිංහ මහත්තයට පහරදීපු මුස්ලිම් තරුණයො අත්තඩංගුවට අරගෙන ඉන්නෙ.හැබැයි,අපි දන්නව අන්තර්ජාලායෙ හැමතැනම මේ මාධ්‍ය වලට බනිනව.මාධ්‍යවලට බැනල වැඩක් නෑ,එක්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක්  නිකුත් කරන්න ඕනි මේක පලකරන්න කියල.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශයක් කෙරුවානම්,තෙල්දෙණිය සිධියෙදි මෙහෙ සිද්ධියක් වෙලා තියෙනව .පුද්ගලයෙකුට පහරදීල තියෙනව,රෝහල් ගතකලා,දිනගනනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් උනා,ඒ පහර දීපු කණඩායම පොලිස් අත්තඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරා කියන පණිවිඩය රටට දුන්නානම් මේ තරුන කොටස් අතර ආවේග මතුවෙන්නෙ නෑ."

ලොකුම වැරැද්ද පොලීසියේ 

"කෙසේ හෝ වේවා මේ පොලීසිය තමන්ගෙන් ඒක හෙලිදරව් නොකිරීම විශාල අත්වැරැද්දක්. රටට මෙක කීවනම් කෙනෙක් මැරුණ පොලීසිය නීතිය ක්‍රියාත්මක කරල තියෙනව. නමුත් මේක රටට ගියෙ නෑ. කිසිම මාධ්‍යකට දුන්නෙ නෑ."

එසේම මිනිසුන් වඩාත් කුපිත වූවේ නීතිය ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව බවත්  කුපිත වූ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ‍පොලීසිය භාවිත කළ ක්‍රමවේදය මිනිසුන් වඩාත් ප්‍රකෝප කරවන්නක් වූ බවත් උන්වහන්සේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්,  "මේ මාධ්‍ය හමුව පවත්වන්නේ රටේ නොයෙකුත් තැන්වල දුම් ගොටු නැගෙන අවස්ථාවක. මේ දින ගණනාව ඇතුලෙ ඉතාම භයානක තත්ත්වයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනව. දැන් මේ මොහොත වෙද්දිත් මහනුවර තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවල තියෙනව.ඒ වගේම රටේ විවිධ ස්ථානවල සිංහලයො එක තැනක රැස්වෙනව. මුස්ලිම් කණඩායම් තව තැනක රැස් වෙනව,මොකද්දෝ නොවිය යුතු තැනකට නොයෙක් බලවේග එකතුවෙමින් තියෙනව.

අපි අද ගතකරන්නේ, ඉතාම සංකීර්ණ වගේම කණගාටු දායක ලෙස සිදුවීම් සිදුවන අවස්ථාවක්. දවසින් දවස රට ඇතුලෙ විවිධ සංසිද්ධීන් මුල්කරගෙන ප්‍රචණ්ඩකාරී හැසිරීම් බොහෝමයක් දැකගන්න ලැබෙනව.

සිදුවූ සිදුවීම් අනුමත කරන්න බෑ

ඊයෙ දවසෙදි මහනුවර දිස්ත්‍රික් එකේ ඇතු උන සිද්ධීන් අපි කිසි ලෙසකවත් අනුමත කරන්නෙ නෑ.මේ සිදුවීම් වලින් වේදනාවට පීඩාවට පත්වෙච්ච ඒ වගේම බයෙන් තැතිගත්තු සිංහල මුස්ලිම් කියල බේදයක් නැතුව මේ සියලු මිනිස්සුන්ට අපි කණගාටුව ප්‍රකාශ කරන්න ඕනි. මොකද  ආවේගශිලීව හා ප්‍රචණ්ඩත්වයෙන් කලහකාරි බවෙන් ප්‍රශ්නවලට උත්තරයක් හොයන්න බැරි නිසා.

බුදු බණේ කියන්නෙ මෙහෙමයි 

මේ සිද්ධීන්  ඕනැම ජන කණ්ඩායමක් තුල  සිද්ධ වෙන්න පුලුවන්. මිනිස්සු ගහගන්නවා, මරාගන්නවා, බැනගන්නවා,  බුදු හාමුදුරුවෝ පවා මේ ගැන පවසල තියනවා. "කුද්දෝ අත්තං නජානාති, කුද්දෝ ධම්මං න පස්සතී" -  "මිනිස්සු කිපුනට පස්සෙ ඒ තරහව පාලනය කරගන්න බැරි උනොත් අරථයක් ධර්මයක් මුකුත් දකින්නෙ නෑ".

දේශපාලන වාසි ගන්න උත්සාහයක්

මිනිස්සු මිනිස්සුන්ව මරන්නෙ. එකට බොන ගමන් මරන්නෙ. දැන් මෙතන සිද්ධිය වෙනස් ප්‍රශ්නයක් .මුස්ලිම් තරුණයන් පිරිසක් විසින් සිංහලයන්ට පහර දීල.එහෙම දෙයක් උනහම ඒකෙ හැඩේ විතරයි බලන්නෙ. මේ අවිද්‍යාත්මක දේශපාලනය ඇතුලෙ පුරුදු කරල තියෙන්නෙ එහෙමයි. මුස්ලිම් එකත් මනුස්සයෙක් සිංහල එකත් මනුස්සයෙක් හැටියට නෙමෙයි බලන්නෙ. මූ මුස්ලිම්, මූ සිංහල මේක කොහොමද වවාගෙන කන්නෙ ,මේකෙ කොහොමද දේශපාලන වාසියක් ගන්නෙ එතනට වැටිල. 

දැන් තියෙන ගැටලුව තමයි මේ සිද්ධිය පදනම් කරගෙන රටේ කල කෝලාහල පටන් අරගෙන තියෙනව. කඩවල්වලට ගහලා. මිනිස්සුන්ට ගහල මේක කලයුත්තක් නෙමෙයි. ඒ නිසා කරුණාකරල අපි කියනව මේ රටේ මුස්ලිම් මිනිස්සුන්ටත්, දඟලන නගරම්පාන චන්ඩිකම්පාන සියලුම පාර්ශව වලට කරුණාකරල නවතින්න. මොකද  හේතුව මේ රට තියෙන්නෙ ඉතාම භයානක තැනක. එහෙන් ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියා කියා දඟලනව සාකච්ඡා විතරයි. රටඑක තැන හිරවෙලා උගුරෙ කට්ටක් හිරවුණා වගේ. උඩට ගන්නත් බෑ පහලට ගන්නත් බෑ. තීන්දු ගන්න කෙනෙක් නෑ අයාලේ යනව, එතකොට එවැනි තත්ත්වයක් ඇතුලෙ අපි දන්නෙ නෑ මේ බලවේග ක්‍රියාත්මක වෙන්නෙ කොහෙන්ද කියල. 

චන්ද්‍රිකා - ගනේෂන්ගේ "සංහිඳියාව" බොරු වැඩක් 

එක පැත්තකින් ඇමරිකානු තානපති කාර්යාලය බටහිර යුරෝපෙ තානාපති කාර්යාලවල  චන්ද්‍රිකා නෝනට, මනෝගනේශන්ට විශාල සල්ලි ප්‍රමාණයක් පොම්ප කරල තියෙනව සංහිඳියාව හදන්න. දැන් මේ අවුරුදු තුන ඇතුලෙ සංහිඳියාව හදන්න පුලුවන් වෙලා තියෙනවද ? සංහිඳියාව නාමයෙන් නාලිකා ඇරියා කියල චිත්‍රපට පෙන්නුව කියල සංහිඳියාව නාමයෙන් හෝටල්වල ඇඳල පැලඳල මීටින් තිබ්බ කියල සංහිඳියාව හදන්න බෑ. ඒ නිසා ඒ තානාපති කාර්යාල වලටත් චන්ඳ්‍රිකා නෝනටත් මනෝ ගනේශන්ටත් ..මේ සංහිඳියාව ගැන පම්පෝරි ගහන ලොකු උන්නැහෙලටත් සංහිඳියාව හදන හැටි අපි උගන්නන්නම්. මේ රටේ උලමලටත් අපි කියල දෙන්නම් සංහිඳියාව හදන හැටි.  

සංහිඳියාව හදන්නෙ කොහොමද : අපි ගිංතොට දී පෙන්නුවා

සංහිඳියාව හදන්නෙ කොහොමද කියක අපි ගිංතොට දී පෙන්නුවා. රට තුල ඇති වෙච්චි යම් සිද්ධීන් වලදි අපේ භාවිතාවන් කියල. සාකච්ඡාව විතරයි. අපරාදෙ ඒ සල්ලි වලින් බතල කොටුවක් හැදුනවනම් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න තිබ්බ. අර අංගොඩ රෝලහේ බෙහෙත් සැරට දුක් විඳින මිනිස්සුන්ට තැඹිලි ටිකක් ගෙනිහින් දෙන්න තිබ්බ. ඒ නිසා මේ බොරු සංහිඳියා බෝඩ් ලෑලි අතරෙ සිංහලයොත් ගහගන්නව මුස්ලිම් මිනිස්සුත් ගහගන්නව. කවද්ද මේක නතරවෙන්නෙ. ඒ නිසා අපි මේ රට කරවන උදවියත් රට කරන උදවියටත්  ඒවෑ ඉන්න උපදේශක මන්ඩලයටත් සිහල මුස්ලිම් කියල බේදයක් නෑ සියලු දේශපාලන නායකයන්ට කියනව කරුණාකරල මේ ඇතිවෙන සිද්දිගැන දැකල කිඹුල් කඳුලු හෙලල. කාටවත් තේරෙන්නෙ නැති විදග්ද වචන කියල මේ ප්‍රශ්නය මගහරින්න එපා. කරුණාකරල එක මේසෙකට එන්න. කාලයක් බොදු බල සේනවට මේව බැරකලා. සමහරුන්ට නින්ද යන්නෙ නෑ මේක ඉවර කරනකම්. 

අලුත්ගම අවාසනාවන්ත සිද්දියක් ඇති උනා අපි අදත් කියනව ඒ ගැන හොයන්න කියන එක. අපි කියනව වහාම අපිත් සහයෝගෙ දෙන්නම්. මේක නිවන්න. සංසුන් වෙන්න බිල්ඩිම් ගිනිතිබ්බ කියල මේක නවතින්නෙ නෑ. ඒවට තට්ටු ගමන් ගහන්න සල්ලි ලැබෙයි.

ඒ නිසා අපි කරුනාකරල තියෙනව.මේ ගැන සාකච්ඡාවක් කරන්න. කොමිසමක් පත්කරන්න. මේ ප්‍රශ්න අපි සාකච්ඡාවක් තුලින් විසඳගමු. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අපි. ඉදිරියට මෙවැනි දේවල් නොවෙන්න වග බලාගමු.