Language Switcher

V2025

කඩිනම් පියවර ගන්න : සියලු වෛද්‍ය වෘත්තීය සමිති ජනපතිට ලියයි !

ඉදිරි සති 03 හා ඉන් ඔබ්බට කාල සීමාවේ කොවිඩ් මරණ ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත්  එමනිසා විද්‍යාත්මක සාක්ෂි මත පදනම්ව අවශ්‍ය ප්‍රදේශ අගුලු දැමීම හා දිස්ත්‍රික්ක අතර සංචරණ සිමා පැනවීම ඇතුළු වහාම ක්‍රියාත්මක කළයුතු පියවර 07ක් පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය , ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

එහි සඳහන් කර ඇති කරුණු අතර කොවිඩ් පාලනය කිරීම සඳහා රජයේ අතිවිශෙෂ ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි දැඩි අධීක්ෂණයක් යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම,  ආසාදිත පුද්ගල ඝණත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමණක් පදනම්ව ඇතැම් ප්‍රදේශ අගුලු දැමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යෑම පෙන්වාදෙන අවස්ථාවල දිස්ත්‍රික් අතර ජනතා සංචරණය සීමා කිරීම, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සමීප සහ දැඩි අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් සිය නිවෙස්වලම හුදකලා කිරීම, එම පවුල්වල සාමාජිකයින් නිවසේදීම නිරෝධායනය කිරීම ඇතුලත්ය.

එසේම ඇඳන්  ඔක්සිජන්, දැඩි සත්කාර ඒකක පහසුකම් ආදිය ප්‍රමාණවත් ලෙස සකසමින් ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කිරීම, පී.සී.ආර් පරීක්ෂණ සහිතව කොවිඩ් -19 රෝග නිවාරණය සඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත් කිරීම. යන කරුණු ද අදාල වෛද්‍ය වෘත්තිකයින් විසින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම, හැකි ඉක්මණින් රට පුරා ප්‍රමාණවත් ආවරණයකින් යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක් දියත් කිරීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇත.

වහාම මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවුණහොත් නුදුරු අනාගතයේදීම පොදු ජනතාව වඩාත් බරපතළ හා කල්පවත්නා දුෂ්කරතාවලට ලක්වීමට සිදුවනු ඇති බවටද වෛද්‍ය වෘත්තිකයින් විසින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

111111111111111111111111111111111111

181548037 3596126887157841 60302690610486271 n

183446956 3596126977157832 3263708179144289740 n