Language Switcher

V2025

කිංස්ලි ඇරඹුමම කඳුලක් කරගෙන : අන්තර්ජාතික නෑමක !

චීනයේ නිෂ්පාදිත සයිනොපර්ම් කොවිඩ් එන්නතට ලෝක   සෞඛ්‍ය‍‍ සංවිධානයේ අනුමැතිව ලැබුණේ තමා නිසා බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි. රාජපක්ෂගේ අලුත බෙෘතීස්ම කරන ලද ප්‍රකාශකයා වන කිංස්ලි රත්නායක විසින් මෙම බොරුව ලෝකයටම ප්‍රකාශ  කරමින් අද එනම් 10වනදා නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි ‌මෙසේ සඳහන් වේ:

මේ අතර චීනයේ “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු අතර, එය භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පසුගිය සිකුරාදා ZOOm තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එදිනම  සන්ධ්‍යාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය “සයිනොෆාම්” එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන්නා.

ඒ අනුව ඊට පසුදිනම “සයිනොෆාම්” එන්නත්කරණය ආරම්භ වූ අතර, දිනකට එන්නත් මාත්‍රා 25,000 බැගින් ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ එන්නත්කරණයට රජය කටයුතු කරමින් සිටිනවා.

“සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියන 03ක් චීනයෙන් ලබා ගැනීම සඳහා මේ වන විට චීන බලධාරීන් සමග  කළ සාකච්ඡා සාර්ථක වී ඇති අතර, එම එන්නත් ලැබුණු විගස සෙසු පළාත්වලද එන්නත්කරණය ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

පසුගිය 04 අගහරුවාදා  ශ්‍රි ලංකා බ්‍රීෆ් චීන එන්නත එම සතිය අගදී එනම් 06 වන සිකුරාදා වන විට ලෝක සෙෘඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව කීවේ මෙසේය:

“අවශ්‍ය තොරතුරු චීන රජය විසින් ලබා දුන්හොත් මේ සතිය අගවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සයිනොපර්ම් එන්නත අනුමත කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ. 

රුසියානු ස්පුට්නික් එන්නත ලබන පූ්ලි මාසය දක්වා අනුමත නොකෙරනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.”ඒ් වන විටත් සයිනොපර්ම් අනුමැතිය තිබුණේ අතළඟය.රාජපක්ෂ කියන පරිදි මේ අනුමැතිය ලැබුණේ ඔහු නිසා නම් සයිනොපර්ම් භාවිත කරන තුර්කිය, හංගේරියාව, ඉන්දුනීසියාව වැනි රටවල් නායකයින්ට එම තීන්දුව කලින් ලබා  ගැනීමට බැරි වූයේ මන්ද?ජනාධිපති රාජපක්ෂ ලෝක සෞඛ්‍ය‍‍ සංවිධානයේ ප්‍රධානී තෙද්රොස් අදහනම් සමඟ කතා කළේ සිකුරාදාය. ඒ් වන විට ලෝක සෙෘඛ්‍ය සංවිධානයේ තාක්ෂනික කමිටුව සයිනොපර්ම් එන්නතට අනමැතිය ලබා දීමට තීරණය කර තිබුණි.

මෙ සම්බන්ධයෙන් තමා මැදිහත්වූ බවට රාජපක්ෂ කරන ප්‍රකාශය අමූලික බොරුවකි.ලෝක සෞඛ්‍ය‍‍  සංවිධානයේ විශේෂඥ කමිටුව පසුගිය අප්‍රේල් 24වනදා සිට සයිනොපර්ම් එන්නත පිළිබද අගැයීම්හි  නිරතව සිටි බව රොයිටර් පුවත් සේවය ද පසුගිය 04දා ප්‍රකාශ කළේය.එදිනම ලෝත සෞඛ්‍ය‍‍ සංවිධානය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද කොවිඩ් එන්නත් අගැයීමී පිළිබද පහත සඳහන් වගුව ඉතා පැහැදිළිව සඳහන් කරන්නේ මැයි මුලදී සයිනොපර්ම් එන්නත පිළිබද අගැයීම සම්පූර්ණ කරන බවයි.

whoජනාධිපති රාජපක්ෂගේ ප්‍රකාශය සත්‍යයක් නම් ලෝක සෞඛ්‍ය‍‍ ය සංවිධාන ප්‍රධානියා චීන ගැත්තකු බවට කැරෙන චෝදනා තවදුරටත් ශක්තිමත් වීමට ඉඩ තිබේ. මන්ද යත් එම ප්‍රකාශයෙන් පෙනෙන්නේ විද්‍යාත්මක හේතු උඩ නොව චීන හිතවාදි ‌ෙරාජ්‍ය නායකයකු වන රාජපක්ෂගේ ඉල්ලීම උඩ ඔහු විසින් මෙම අනුමත කිරීම කරන ලද බවයි.

ජනපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකගේ නිවේදනය මෙහි කියවන්න.

මේ අතර අද (11) ඩේලිමිරර් පුවත්පත වාර්තා කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ජනධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශය ප්‍රතික්ශේප කර බවයි.

 

who 1

srilankabrief.org