දින 14 ක ලොක්ඩවුන් එකක් ඉල්ලන්නේ ඇයි ? ලොව සුපතල මහාචාර්යවරයා කරුණු දක්වයි !

දින 14 ක ලොක්ඩවුන් එකක් ඉල්ලන්නේ ඇයි ? ලොව සුපතල මහාචාර්යවරයා කරුණු දක්වයි !

සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස්  අදහස් පළ කරයි.

ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන මහාචාර්ය මලික් පීරිස්  මීට දින දෙකකට ඉහත දී වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට හොංකොං හී සිට එක්වෙමින් මෙම  අදහස් පළ කළේය.

“ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩිවෙනවා. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. සමහර විට අප්‍රේල මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් නැහැ. ඒ වගේම මේ වන විට ලොක්ඩවුන් කිරීම ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. 

ලොක්ඩවුන් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළ රැඳී සිටීමට සීමා කිරීම. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් කොටු වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නෑ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බෑ. ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද? එය පිටුපස විද්‍යාවක් තියෙනවා. අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක්. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා. ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා. 

ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින 5ක් පමණ. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින 5ක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින 5කට තවත් දින 5ක් හෝ 7ක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි. 

අන්න ඒ නිසා තමයි දින 3ක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ. මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම හදිසියේ පරිපථ බිඳිනයක් අවශ්‍ය වෙලා තියෙනවා. පැතිරයාම සීම කිරීම හරහා ඇත්ත වශයෙන් ම කියනවා නම් සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න. “

IMG 20210522 WA0014

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න