භාණ්ඩ බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් ආණ්ඩුව සකස් කර නැහැ - ජනතාවත් ගොවීනුත් දැඩි පීඩාවට පත්වෙලා - මන්ත‍්‍රී මනුෂ

භාණ්ඩ බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් ආණ්ඩුව සකස් කර නැහැ - ජනතාවත් ගොවීනුත් දැඩි පීඩාවට පත්වෙලා - මන්ත‍්‍රී මනුෂ

ජනතාවට එදිදෙනා අවශ්‍ය ආහාර බෙදාහැරීමේ ක‍්‍රමවේදයක් මෙන්ම ගොවීන්ගේ අස්වැන්න විකිණීමේ ක‍්‍රමවේදයක් ආණ්ඩුව සකස් නොකිරීම නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බවද, නිසි කළමනාකාරිත්වයක් නොමැති ආණ්ඩුව නැවත වරක් තමන් ෆේල් බව ඔප්පු කරමින් සිටින බවද සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

ජනතාවට හෝ ගොවීන්ට බැනීමෙන් මේ ප‍්‍රශ්යනට විසදුම් ලබාගැනීමට නොහැකි බවද කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමග සංචරණ සීමාවන් පනවා රෝගී තත්වය යටපත් කරන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒත් ආණ්ඩුව ආර්ථිකය ගැන කියමින් ජනතාවගේ රෝගී තත්වය පැත්තකට දාලා තීන්දුවක් ගත්තේ නෑ. අවසානයේදී අපි කියූ ආකාරයට සංචරණ සීමා පනවා තිබෙනවා.

සංචරණ සීමා පැනවීමේදී ජනතාවට එදිදෙනා අවශ්‍ය කෑම බීම සපයා ගැනීමට වැඩපිළිවෙලක් තියෙන්න ඔ්න. නුවරඑළියේ ගොවියාගේ කැරට් ටික, ගෝවා ටික කුණු වෙලා යනවා. තමන්ගේ අස්වැන්න විකුණාගැනීමට ආණ්ඩුව ක‍්‍රමවේදයක් හදලා නැහැ. ගොවීන්ගේ නිශ්පාදන අලෙවි කරගැනීමට නොහැකිවී දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා.

කොළඹ මැනිං මාර්කට් එක ඇරියට ගමේ කඩ වහලා. මුලින්ම ගමේ කඩ පහක් විවෘත කිරීමට අවසර දෙනවා කිව්වට දැන් එක කඩයයි විවෘත කරන්න අවසර දීලා තියෙන්නේ. ගමට බඩු බෙදා හැරීමට යාන්ත‍්‍රණයක් නැහැ.

ආහාර බෙදාහැරීමට කැමැති වෙළදුන්ට යන්න එන්න අවසර දෙන්නේ තමන්ගේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ විතරයි. ඔහුට අවශ්‍ය බඩු ගේන්න ක‍්‍රමයක් හදලා නැහැ. ඒකට අවශ්‍ය බලපත‍්‍ර ලබාදෙන්නේ නැහැ.

මිරිහානේ ඉදලා ජනාධිපති ලේකම් කාර්යාලයට එන විට වාහන වැඩි නම් ඒ දකින දේවල් අනුව තමයි තීන්දු තීරණ ගන්නේ. එහෙම නැතිව විද්‍යානුකූලව තින්දු ගන්නේ නැහැ.

විද්‍යානුකූලව තීන්දු තීරණ ගත්තා නම් ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමට ක‍්‍රමවේදයක් හදනවානේ.

එක පැත්තකින් ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙනකොට ගොවියාගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. එදිනෙදා කීයක් හරි හොයා ගන්න බැරි මනුස්සයාට තමන්ට අවශ්‍ය බඩු ටික ගන්න විදියක් නෑ. එළවලුටික හාල් ටික මිලදී ගන්න වෙලා තියෙන්නේ අතිවිශාල මුදලක් ගෙවලයි.

ජනතාවට අවශ්‍ය ද‍්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයක් ආණ්ඩුව සකස් නොකිරීමේ ප‍්‍රශ්ණය තමයි මේ දැන් තියෙන්නේ. ආණ්ඩුව බෙදාහැරීමේ ජාලයක් නිසි ලෙස සකස් නොකිරීමේ ප‍්‍රශ්ණය තමයි තියෙන්නේ.

ජනතාවට බැනලා හරි, ගොවීන්ට බැනලා හරි, ගොවීන්ට බැනලා හරි මේක විසදන්න බැහැ. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ ගැටලුවක්. මේ තත්වය කළමනාකරණය කරගැනීමට නොහැකි ආණ්ඩුව ෆේල්......=

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න