ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් තීන්දු කර ඇත.
එම සංචාරක තහනම ඉන්දීය සහ බංග්ලාදේශ වැසියන් සඳහා ද බලපැවැත්වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මේ දිනවල ඉන්දියාවේ පැතිරයන B.1.617 කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතාලියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් එම පියවර ගෙන ඇති බවය.
නමුත් එම තාවකාලික තහනම ඉතාලි ජාතිකයින් සඳහා අදාළ නොවන බවද එරට බලධාරීන් සඳහන් කර ඇත.

