ස්පූට්නික් v එන්නත පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත් බව කිව්වේ චන්න ජයසුමන - අජිත් රෝහණ

ස්පූට්නික් v එන්නත පළමු මාත්‍රාව පමණක් ප්‍රමාණවත් බව කිව්වේ චන්න ජයසුමන - අජිත් රෝහණ

ස්පූට්නික් v එන්නතේ පළමු මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් බවට මතය ඉදිරිපත් කර ඇත්තේ ඖෂධ අමාත්‍ය , මහාචාර්ය චන්න ජයසුමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කරයි.

ඊයේ (31) හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මහාචාර්ය චන්න ජයසුමන ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටා දක්වමින් ඒ බව සඳහන් කළ බවත් ඒ අවස්ථාවේ තමන් ද එම ස්ථානයේ සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

තමන් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වෙතින් ස්පූට්නික් v එන්නත එක් මාතෘකාවක් ලබාදීම සම්බන්ධව තහවුරු කර ගත් බවත් සඳහන් කළේය.

එහිදී අදාළ වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදීන් තම දැනුවත් භාවය අනුව මෙතෙක් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත හැරුණු විට අනෙක් සෑම එන්නතක්ම මාත්‍රා දෙකක් ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය බව සඳහන් කර සිටිය අතර නිවැරැදි කරුණ වන්නේද එයයි.

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වියහැකි "ස්පූට්නික් ලයිට්" නම් එන්නතක් ගැන ප්‍රසිද්ධ නමුත් එය තවමත් ඇත්තේ පරීක්ෂණ මට්ටමේය.

ඒ අනුව පළමු මාත්‍රාවක් පමණක් වුවත් ගැනීමට එකඟතා ලියවිල්ලක් සඳහා අත්සන් ගැනීම සැළසුම් සහගත කටයුත්තක් ද යන සැකය මතුවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න