මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන මේ වන විට දියත්කර ඇති " ස්පූට්නික් v එන්නත එක මාත්‍රාවට පමණක් වුවත් එකඟයි" යන ලියවිල්ලක් වෙත අත්සන් ගැනීමේ කටයුත්ත පිටුපස ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික නඩයේ කොන්ත්‍රාත්තුවක් බවට සැකසංකා මතුව තිබේ.
මේ සම්බන්ධව ඊයේ (31) මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර සංවිධායකවරයකු වන මහේෂ් සේනානායක කරුණු අනාවරණය කළේය.
එහිදී ඔහු සඳහන් කර සිටියේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් දෙදෙනකු මේ වන විටත් කොරෝනා එන්නත් ගෙන්වීමට සැලසුම් කර සිටින බවයි. එසේම එක් ව්‍යාපාරික ආයතනයක් වෙනුවෙන් සිංගප්පූරුවේ ඇස්ට්‍රාසෙනිකා ආයතනය වෙත ඖෂධ සංස්ථාවේ සභාපති ලියුමක් ලියූ බවත් ඇස්ට්‍රාසෙනිකා ආයතනය ප්‍රතිචාර දක්වමින් ඖෂධ සංස්ථාවේ සභාපති ගේ පටිරෝල් කර බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රටපුරා එන්නත්කරණ කටයුතු දේශපාලනීකරණය වී ඇති ආකාරයට මහනුවර ද සිදුව ඇති බවත් එහිදී මහේෂ් සේනානායක පැවසීය. මෙහිදී ඔහු සඳහන් කර සිටියේ ආණ්ඩුව මැති ඇමති ලිස්ට්වලට එන්නත්කරණය සිදුකරන අතර එක මාත්‍රාවක් පමණක් සඳහා එකඟයි යනුවෙන් අත්සන් ගනිමින් ජන්දය ලබාදුන් පාක්ෂික ජීවිත අවධානමේ දමා ඇති බවයි. " එන්නත් මාත්‍රා දෙකක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. වෛද්‍ය මතය ඒක. එහෙම තියාගෙන තනි මාත්‍රාවට එකඟයි කියලා අත්සන් ගැනීම දරුණු අශීලාචාර වැඩක්. සමහර අයගෙන් මේ අත්සන් අරගෙන තිබෙන්නේ එන්නත දුන්නට පස්සෙ. "

