පොලිස් මුලස්ථානයටත් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් !

පොලිස් මුලස්ථානයටත් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් !

කොළඹ යෝර්ක් වීදියේ පිහිටි පොලිස් මූලස්ථානය ඉන් ඉවත්කර පැපිළියාන, බෙල්ලන්තොට හංදියේ පිහිටි භූමියේ ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

මේ බව අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීම අවස්ථාවේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ වර්තමානයේ පොලිස් මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ඉඩප්‍රස්තා මදිකම , ගොඩනැගිල්ල වසර 100ක් තරම් පැරණි වීම, වෙනත් ගොඩනැගිලි කුළියට ගැනීම නිසා මාසිකව රුපියල් මිලියන 25ක් පමණ වැයවීම හේතුවෙන් මේ තීන්දුව ගනුලැබූ බවය.

නව පොලිස් මූලස්ථානය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට අනුමැතිය හිමිවූ බවත් වියදම රුපියල් බිලියන 10ක් පමණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් විපක්ෂ ක්‍රියාකාරිකයෙකු සඳහන් කර සිටියේ කොළඹ මර්මස්ථානවල තිබෙන රජයේ ගොඩනැගිලි සම්බන්ධව වැඩි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරන බවයි.

ඒ සම්බන්ධව අවධානයෙන් සිටින බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න