ගිනිඅවි 36ක් හදිස්සියේ මහ මුහුදට වැටු⁣ණේ කොහොම ද?

ගිනිඅවි 36ක් හදිස්සියේ මහ මුහුදට වැටු⁣ණේ කොහොම ද?

ගාල්ලට ඔබ්බෙන් වු මුහුදේදී පැනමාවේ ලියාපදිංචි එම්ටී ලිබ්රා ටූ නෞකාවට වෙළෙඳ නැව් ආරක්ෂක සමාගමක් විසින් අවි ලබාදීමට යාමේදී එයින් කොටසක් මුහුදට වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට නාවික හමුදාව හා පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. ලිබ්රා නෞකාව ඉන්දුනිසියාවේ සිට සූවස් දක්වා ලිහිසි තෙල් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ එකකි.

පැමිණිල්ල අනුව මෙම නෞකාවට ගොඩවීම සඳහා විදේශීය කපිතාන්වරයෙකු ද රක්නා ලංකා ආරක්ෂක සමාගමේ තිදෙනෙකු ද නාවික හමුදා කඳවුරේ ගබඩා කර තිබු ගිනි අවි සහ තවත් උපකරණ ද රැගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරේ තිදෙනෙකු ද සමග පසුගිය 28 වනදින සවස ගෝල් එනර්ජි බෝට්ටුවෙන් නැව වෙත ගොස් තිබේ.

පැමිණිල්ලට අනුව එසේ ගොස් ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් පමණ දුර ජාත්‍යන්තර මුහුදු සිමාවේදී ගිනිඅවි සහ සහ අනෙක් උපකරණ දැලක දමා දොඹකරය මගින් නැවට පැටවිමට යාමේදි අයහපත් කාලගුණ තත්ත්වයත් හා අධික සුළං තත්ත්වයත් නිසා මුහුද රළු විම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදි ගිනිඅවි ඇතුළු උපකරණ සියල්ලම මුහුදට වැටී තිබේ.

සිද්ධිය ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමග නාවික හමුදාවේ යාත්‍රා දෙකක් වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කිරිමේදි එවායින් කොටසක් සොයා ගෙන ඇත.

එහෙත් අර්ධ ස්වයංක්‍රිය ගිනිඅවිවලින් 14 ක් ද, උණ්ඩ 2414ක් පතරෝම් ගැබ 56ක්, දුර දක්න 06 ක් බොඩි ආමර් 29ක්, ෆෝ සයිඩ් 08 ක් ඉක්විප්මන්ට් පෙට්ටි 10ක් ආරක්ෂිත හිස් වැසුම් 29ක් ප්‍රථමාධාර පෙට්ටි 06ක්, රාත්‍රි දුර දක්න 04ක්, ගමන් කතන යන්ත්‍ර 21ක්, චාජර් 21ක්, චන්ද්‍රිකා දුර කතන 06ක් , අවි සයිට් 07ක් ,අවි පෙට්ටි 14ක්, උණ්ඩ බහාලන පෙට්ටි 03ක්, අවි බහාලන පෙට්ටි 08ක් ඇතුළු උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව නැහැ.

එම නැවේ හිටපු ලැට්වියානු ජාතික කපිතාන්වරයා නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සමග ගිනිඅවි ගෙනගිය යාත්‍රාවෙන් ගොඩ බිමට පැමිණ තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගෝල් එනර්ජි බොට්ටුව පදවාගෙන ගිය පුද්ගලයා විසින් පසුගිය 29 වනදින රාත්‍රියේ ගාල්ල වරාය පොලිසියට පැමිණි කර තිබිණ.

මෙම අවි වැටුන ස්ථානය ඉතා ගැඹුරු නිසාත් කිමිදුම්කරුවන්ට කිමිදීමට හැකි උපරිම ප්‍රමාණය මීටර් හැටක් පමණ වන නිසාත් තාක්ෂණික උපකරණ මගින් ගැඹුරු මුහුද නිරික්ෂණය කිරිමට නාවික හමුදාව පියවර තිබේ.

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම් නිසා අරාබි මුහු ඔස්සේ රතු මුහුදට යාත්‍රාකරන වෙළෙඳ නැව් මුහුදු ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම සිදුවේ.

News 1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න