ලිට්රෝ ගෑස් සහ ලාෆ් ගෑස් සමාගම් ඒකාබද්ධ කිරීම : තවත් ගජමිතුරු දන්සැලක් ?

ලිට්රෝ ගෑස් සහ ලාෆ් ගෑස් සමාගම් ඒකාබද්ධ කිරීම : තවත් ගජමිතුරු දන්සැලක් ?

රාජ්‍ය අංශය සතු ලිට්රෝ ගෑස් සමාගම සහ ලාෆ් ( Laugh group) සමාගම් සමූහය සතු ලාෆ් ගෑස් සමාගම ඒකාබද්ධ කර රාජ්‍ය පෞද්ගලික හවුල්කාර (Public private partnership ) සමාගමක් ආරම්භ කර පවත්වා ගෙන යාමට රජය විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

රජය මෙමඟින් යෝජනා කරන්නේ L.P ගෑස් ආනයනය සහ බෙදාහැරිම ක්‍රමවත් කිරිම සඳහා මෙම හවුල් ව්‍යාපාරය උපායමාර්ගික ආරම්භයක් බවයි.

රජය සතු ලිට්රෝ සමාගම සතුව ගෑස් ටොන් 8000ක් ගබඩා කල හැකි ටැංකි සංකීර්ණයක් මුතුරාජවෙල ඇති අතර, ලාෆ් ගෑස් සමාගම සතුව ගෑස් ටොන් 30,000ක් ගබඩා කල හැකි ටැංකි සංකීර්ණයක් හම්බන්තොට වරායේ පිහිටුවා ඇත.

ලාෆ් සමාගම හම්බන්තොට වරායේ ගෑස් ටැංකි සංකීර්ණය ගොඩ නගා ඇත්තේ- මාලදිවයින, බංගලාදේශය සහ ඉන්දියාව වැනි රටවලට ගෑස් ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැවසුවත් එම සමාගම් මුහුණු පා ඇති මුල්‍ය අර්බුදය නිසා ශ්‍රි ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටවත් ගෑස් ආනයනය කිරිමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

අදාල ප්‍රවෘත්තියෙන් පෙන්වා දෙන්නේ රජය මෙම ගෑස් සමාගම් දෙක ප්‍රතිවෘහගත කිරිමේ මූලික පරමාර්ථය වන්නේ මේ වන විට ලාෆ් ගෑස් සමාගම රජයේ බැංකු දෙකකට මහ පරිමාණයෙන් ණය වී දැනට එම ණය ගෙවීමට නොහැකි තත්වයක පවතින සමාගමට ඇප ලබා දීමට (Bail out package) බව භාණ්ඩාගාර ආරංචි මාර්ග පවසයි.

ලංකා බැංකුවට රුපියල් බිලියන 10.1 නැතහොත් රුපියල් මිලියන 10000ක් පමණද මහජන බැංකුවට රුපියල් බිලියන 12.2ක් නැතහොත් රුපියල් මිලියන 12200ක පමණ ණය ප්‍රමාණයක් ඇති පෞද්ගලික සමාගමක් මෙසේ ඒකාබද්ද කිරීම සාධාරණ කිරීමට කටයුතු කරන පාර්ශවයන් සඳහන් කරන්නේ ඒකාබද්ධ සමාගම මඟින් ගෑස් අනායනය කළහොත් ටොන් එකකට ඩොලර් 70 ක් පමණ ඉතිරි කර ගත හැකි බවයි. ඒ මිළදී ගැනීමේ පිරිවැය ප්‍රවාහන පිරිවැය සහ රක්ෂණය ගාස්තුවල අඩුවීමක් වශයෙනි.

එහෙත් එවැනි පිරිවැය ඉතිරියක් සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බව බලශක්ති ක්ෂේත්‍රයට අයත් ව්‍යාපාරිකයන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාගම් ප්‍රවීණයෙකු ප්‍රශ්න කරන්නේ

1) යම් සමාගමක් අති විශාල ලෙස අලාභ ලබන සහ තමන්ගේ ප්‍රාග්ධනය මෙන් 25 ගුණයක් නය ලබාගෙන ඇති අවස්ථාවකදී එය රාජ්‍ය සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීම කරනු ලබන්නේ කුමණ ක්‍රමවේදයක් යටතේද යන්නය.

2) තරඟකාරී වෙළඳාමේදී මිළ පාලනයක් ඇති අතර මෙම ක්ෂේත්‍රයට සම්බන්ධව ඇති එකම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම තුළ ගෑස් සදහා ඒකාධිකාරීතත්වයක් රට තුළ ඇති වෙන බවයි.

3). ලාෆ් ගෑස් සමාගම කොටස් වෙළෙඳපොලේ ලියාපදිංචි කර ඇති සමාගමක් වන අතර මෙහි රාජ්‍ය අංශයේ ආයතන කිහිපයක්ද මුදල් ආයෝජන කර ඇති අතර රජය මෙවැනි තීරණයක් ගන්නේ එම ආයතනවලට ඉදිරියේදි සිදුවිය හැකි විශාල අලාභයක් වසන් කර ගැනිම සඳහාද?

යම් සමාගමක් විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ බැංකුවලින් දැරිය නොහැකි ආකාරයට ණය ලබාගෙන ඇත්නම් එම ණය දැනටමත් නොගෙවා පැහැර හැරිය ණය ( Past Due loan) වශයෙන් සටහන් වන්නේ නම් බැංකු නීතිය යටතේ එනම් පරාටේ ක්‍රියාමාර්ගයෙන් කටයුතු කර අදාල සමාගම බැංකුවට පවරා ගත හැකි අතර ඉන්පසුව රජය සමග සාකච්ඡා කර පවරා ගන්නා ලද සමාගමේ පාලනය ලිට්රෝ සමාගමට භාර දිය හැකිය.

මෙය තවත් දේපාලන හිතවතුන්ගේ ණය කන්දරාවකට කර ගසා ඔවුන්ගේ සමාගමවෙලට ඇපදීමට කරන ලද ආරම්භයක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මෙම නව උපායමාර්හික අත්හදා බැලීම පිටුපස සිටින්නේ ජනාධිපති කාර්‍යාලයේ උසස් නිලධාරීයකු සහ මුදල් අමාත්‍යාංශයේ ඉහලම නිලධාරීයකු බව සමාගම් ආරන්චි මාර්ග පෙන්වා දෙයි.

ලාෆ් ගෑස් සමාගම කොටස් වෙළඳපලට ඉදිරිපත් කල අන්තර් වාර්ථාව සහ 2019 වර්ෂයේ අවසන් මූල්‍ය වාර්තාවේ සාරාංශය.

2019 ජූනි 30 දිනට ලාෆ් ගෑස් සමාගම් අන්තර් ගිණුම් ප්‍රකාශය.

විකුණුම් රුපියල් බිලියන 6.149 දළ ලාභය රු. මිලියන - 803 මෙ‌හෙයුම් ලාභය - රු.මිලියන 273 මුල්‍ය වියදම ( පොලි ගෙවීම් )

  • රු. මිලියන - 503 කාර්තුව සඳහා අලාභය- මිලියන 264.

කොටසකට ලැබූ අලාභය ශත 69 යි.

2019- මාර්තු 31 දින වර්ෂාවසාන ගිණුම් ප්‍රකාශනය.

ආදායම් - රු. බිලි- 24.919 දළ ලාභය- මිලියන 3293 මෙහෙයුම් ලාභය - මිලියන 510 පොලී වියදම- මිලියන 1936 වර්ෂයට අදාල පාඩුව- බිලියන 1.249 (මිලියන 1249)

සමාගමේ වත්කම් - බිලියන 35.396 .

සමාගමේ වගකීම් ප්‍රාග්ධනය සහ සංචිත - මිලියන 1154.බිලියන 1.154

ජංගම වගකීම් ණය ගැනීම්- බිලියන 18.085 ජංගම නොවන වගකීම්- බිලියන 14.878

  • 2019 මාර්තු 31 දිනට සම්පුර්ණ දායකත්වය - බිලියන 1.154 කල්දැමූ බදු ,සේවක ප්‍රතිලාභය - බිලියන 18.191 ගෙවිය යුතු ණය - බිලියන 10.459

    මේ යටතේ ප්‍රාග්ධනය නැතහොත් දායකත්වය රුපියල් බිලියන 1.154 ක් ඇති ලාෆ්ස් ගෑස් සමාගමේ මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන - 25.697 කට ආසන්නය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න