කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් එන්නත්කරණය අත්‍යාවශ්‍ය වුවත් ඉතා නින්දිත ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ පමණක් නොව මනුෂ්‍යත්වයට පවා නිගාදෙන ආකාරයට මහනුවර හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ "ස්පුට්නික් V එන්නත් පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි" යනුවෙන් කැමැත්ත ලබාදීමේ ප්‍රකාශ පත්‍රයකට අත්සන් ගනිමිනි.
මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ කටයුත්ත ඊයේ (30) මහනුවර කුකුණ්ඩසාලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ බවය.
කෙසේ වුවත් මෙය අද (31) දිනයේද සිදුව ඇති බව වාර්තා වෙයි.
මහනුවර , වත්තේගම කෙන්ගල්ල මහා විද්‍යාලයේ දී ප්‍රදේශයේ ජනතාවට එන්නත් ලබාදුන් අවස්ථාවේදී එන්නත් ලබාගන්නා පුද්ගලයින්ට "කැමැත්ත ප්‍රකාශ කිරීම" සඳහා වෙනම පත්‍රිකාවක් ලබාදී තිබූ බව වාර්තා වෙයි.
නමුත් කොවිඩ් එන්නතේ උපරිම ආරක්ෂාවක් ලබාගැනීමට එහි මාත්‍රා දෙකම ලබාගත යුතුය යන්න පිළිගත් විශේෂඥ මතය වේ.
ඒ අනුව මේ සිදුවන්නේ දෙවැනි මාත්‍රාව ලබාදීම රජයේ වගකීමෙන් නිදහස් වීමේ කටයුත්තක් ද ?
නැත්නම් පළමු මාත්‍රාව නොමිලේ දී දෙවැනි මාත්‍රාව මුදලට ගැනීමට සැළැස්සවීමක්ද ?
පළමු මාත්‍රාව ලෙස ස්පූට්නික් v එන්නත ගැනීම ප්‍රමාණවත් බව අනුමත කර ඇත්තේ කවුද ?
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා ඇතුළු රජයේ සෞඛ්‍ය බලධාරීන් මෙය අනුමත කරනවාද ?
මේ ප්‍රශ්නවලට උත්තර දෙන අයෙකු නැතිද ?

