Language Switcher

V2025

නීතිඥවරියන්ට නව ඇඳුමක්

විවෘත අධිකරණවල පෙනී සිටින නීතිඥවරියන් හට නව ඇඳුමක් හඳුන්වාදී තිබේ. මෙය සිදුවූවේ ඊයේට (08) යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීවයි.

 මේ අනුව විවෘත අධිකරණවල පෙනී සිටින කාන්තාවන් මීට පෙර ඇඳි සාරියට අමතරව කමිසය සහ කලිසමකින් සැරසී කළු කබාය දැමීමට අවස්ථාව හිමි වේ.

 යටතේ සහ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ ඉල්ලීම අනුව මෙම කටයුත්ත සිදුව ඇත.

 මෙම නව ඇඳුම සංකේතවත් කරමින් එම නව ඇඳුම පැළඳ ශ්‍රී ලංකා කාන්තා නීතිඥ සංගමයේ සභාපතිනී ජේෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය සහ එම සංගමයේ ලේකම් නීතිඥ රුචිරා ගුණසේකර මහත්මිය කොළඹ දිසා අධිකරණයේ පෙනී සිට තිබේ.