මෑතකදී ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් උපන්දින සාදයක් පැවති ප්‍රසිද්ධ හෝටලයේ සේවකයන් 65 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ සිදුකර ඇති බවත් එයින් තිදෙනකු කොරෝනා පොසිටිව් ලෙස වාර්තා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට මෙසේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ කුප්‍රකට උපන්දින සාදය පැවති දිනයේ සිටි හෝටල් කාර්‍ය මණ්ඩලය ඇතුළත්වන ලෙසය.
මේ වන විට මෙහි විමර්ශන කටයුතු අධිකරණ නියෝගයක් හරහා කොළඹ අපරාධ කොට්ටාශය වෙත යොමුකර ඇති බවත් වාර්තා වෙයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අදාළ සාදය පැවැත්වීම සම්බන්ධව මේ වන විට ඊට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
කෙසේ වුවත් නිරෝධායනය සඳහා යොමුකළ පාර්ශ්ව පොලිසිය වෙත චෝදනා කර සිටියේ අධිකරණය ඇප ලබාදීම සිදුකළත් පොලිසිය මැදිහත්ව තමන්ව නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනා බවයි.
මේ පාර්ශ්වය නිරෝධායන මධ්‍යස්ථානයක් සඳහා ගෙනයාම වැලැක්වීමට ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු මැදිහත් වූ බවත් එහෙත් අදාළ නියෝගය ආණ්ඩුවේ ඉහළ තැනකින් ලැබුණු බව දැනුම්දීම සමග ඒ උත්සාහය ව්‍යර්ථ වූ බවටත් මාධ්‍ය වාර්තා පළවිය.

