රටට මේ මොහොතේ ලැබිය යුතු ප්‍රමුඛ තාවය නම් ආණ්ඩු වෙනසකි.එහෙත් කාට භාර දෙන්නද? යන ප්‍රශ්නය අපට පවතී.
ලංකාවේ ගැටලුව ආණ්ඩු මාරුකර පමණක් විසඳිය නොහැකිය.ඒ මාරුකරන ආණ්ඩුව ට ඇති අභියෝග වටහාගත් ඒවා ජය ගැනීමට හැකි කණඩායමක් ඒ මාරුව ට මුල් විය යුතුය. ලංකාවේ මෙතෙක් ආ ගමන මගේ නිසි දැක්මක් ,අධ්‍යාපනයක් හා මනුෂ්‍යත්වයක් ඇති නායකයන් විරල වුවා සේම ,ව්‍යවස්තාදයකයේ සංයුතිය ද එසේම විය.වරාය ඇමතිවරයා උදාහරණයට ගන්න.
ඔහුගේ මට්ටම අනුව චීනයේ හෝ වෙනත් රටක සුක්ෂම දේශපාලනික සැලැස්මවල් කියවීමට ඔහුට ශක්තියක් නැත.තමන් හොඳටම කල බවේ හීන මානය විනා ගෝටාබයට ආර්ථිකය සෙමින් සෙමින් උදුරාගන්නා චීන උපක්‍රමය වැලක්වීමට හැකියාවක් නැත. මේ ආණ්ඩුවට ඇත්තේ එදාවේල වත් සාර්ථකව කලමනාකරනය කරගන්නට බැරි දුර්වල දැක්මකි.එබැවින් ආණ්ඩුවට ඒ ගැන බලකිරීම ADS දරුවෙකුගෙන් ඉක්මනට වැඩ කරන ලෙස ඉල්ලීමක් වැනිය.
රට පුරාම නායකත්ව සිහින දකින,එක එක පක්ෂවලින් තොරව රට හැදිය නොහැකි බවට අධි තක්සේරුවෙන් සිතා සිටින පක්ෂ ,කණ්ඩායම් විකල්ප බිහිවෙමින් පවතී..සියලු දෙනාම ක්‍රමයේ වෙනසක් හෙවත් සිස්ටම් චේන්ජ් එකක් ගැන කියති.
ඒ සියලුම කරුණු සත්‍ය වුවත් මා දකින්නේ ඒ සියල්ල අනාගතයේ දැකිය යුතු සිහින ලෙසය.අපටප්‍රමුඛතාවය දියයුතු දැනට ඇති විශාලතම ප්‍රශ්නය
1 ණය බර හා ඒ මතින් චීනය අපගේ ආර්ථිකය සොරකම් කිරීමය.
2 ණය බර කළමනාකරණය කරගන්නට පවතින විදේශ ප්‍රතිපත්තිය හා රණවිරු ගායේ මිලිටරි කරණය විශාල බාධාවක් බවය.
3 ඉහත කරුණු දෙක මෙහෙයුමක් ලෙස නිවැරදි කර ණය බරට විසඳුමක් සෙවීමට දේශපාලන කණ්ඩායමක් නොමැති වීමය.
ඒ නිසා නායක සිහින දකින ඕනෑම කෙනෙකුට ගිලෙන ශ්‍රී ලංකාව බේරා ගැනීමට මේ කරුණු තුන සම්පුර්න කල යුතුය.හුදෙක් රාජපක්ෂ විරෝධයක් හෝ චීන විරෝධයක් ප්‍රමාණවත් නැත.
එහෙත් නැවත රාජපක්ෂලා බිහි නොවීමේ මෙහයුමක් වෙනුවෙන් ඒ සිහින දකින්නන් හා දක්ෂයන් එක්වී කටයුතු නොකළහොත් ලංකාවේ විපක්ෂ දේශපාලනය 1977 සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි වීමෙන් පසු පත්වන තත්ත්වයට ගමන් කිරීම නැවැත්විය නොහැකිය.
එදා අමිත්තලිංගම් විපක්ෂ නායක වීමේ වරදක් මා දකින්නේ නැති වුනත්,රණ විරුගායෙන් ගොඩ යන රාජපක්ෂලාට සදාකාලික වීමට එය ප්‍රධානතම හේතුව වනු ඇත.සුමන්තිරන්ලා,ශානක්‍යම්ලා එවැනි තනතුරු වලට ඕනෑවටත් වඩා සුදුසු වුවත් එයින් වාසිය ගන්නේද රාජපක්ෂලා හා චීනය වීම නිසා අපට රට නිවැරදි කිරීමට ඇති අන්තිම අවස්තාව වහා වහා ගිලිහි යනු ඇත.
එබැවින් මේ රටේ සියලු දෙනා මේ නැව ගිලෙන්නට නොදී ආරක්‍ෂිත ආර්ථික වරායක් කරා ගෙනි යන්නට මේ මොහොතේ උත්සහ කල යුතුය. .
එයට අනුරලා.සුමන්,ශානක්යම් ලා පාටලිලා ගේ හැකියාවද මෙන්ම මංගල,රනිල් ,චන්ද්‍රිකා ලා ගේ දේශපාලන අත්දැකීම් පරිණත භාවයද එක් විය යුතුය.නැතොහොත් නැව ගිලී යනු නියතය.
Tikiri Subhashini Wipfler.

