සමස්ත ශ්‍රී ලංකාව තුළම මත් පැනශාලා මුද්‍රා තබමින් වසා දැමූ ඉපසුබිමක,වේගයෙන් පැතිරෙන කොවිඩ් වයිරසයේ පාලනය වෙනුවෙන් සංචරණ සීමා දැඩි කොට ඇති මොහොතක, නිරෝධායන නීති පයිසෙකට මායිම් නොකොට පැවැත්වූ උපන්දින සාදය පිළිබඳ ප්‍රධාන මාධ්‍ය නාළිකාවකින් ඉස්මතු වූ කරුණු සමග ඇතිවූ දැවැන්ත සමාජ මාධ්‍ය විරෝධතා හමුවේ ඉන් පිරිසකට වෙනස් අපූර්වත්වයෙන් යුතු නීතියක් ක්‍රියාත්මක විය..
දිවයිනේ අන් පෙදෙස් වල සාමාන්‍යය පුරවැඩියන්ට දැඩිව ක්‍රියාත්මකවන නීතිය තවත් පිරිස් ඉදිරියේ නැවී යූ ටර්න් වේ…!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හෙළිකරන ආකාරයට පසුගිය කාළය පුරාවට නිරෝධායන නීති කඩකළ පුද්ගලයන් ලෙස, ඇගලුම් කම්හල් සේවිකාවන්,වයෝවෘද්ධ පුද්ගලයින් ඇඳිවතෙන් රැගෙන ගොස් නීතියේ දණ්ඩනයට ලක් කළ අපූරුවත් එකී නීතිය ප්‍රසිද්ධ විවාහ මංගල උත්සව සැලසුම් මෝස්තර නිරූපණ ශිල්පීන් හා නිරූපණන ශිල්පිණියන් වෙනුවෙන් නැවී යූ ටර්න් වී ඇති ආකාරයත් ඔහුගේ වැඩසටහන අතරවාරයේ ප්‍රකාශ කෙරිණි. තවද මාධ්‍ය වෙත මුදාහැර ඇති සීසීටීවි දර්ශන වලට වඩා වැඩි තව බොහෝ පිරිසක් සහභාගී වූ බවත් ඉදිරිපත් වී ඇති දර්ශන පිළිබඳ සෑහීමකට පත්නොවන බවද ඔහු පැවසීය...
ඇමතිතුමා අදාල රාජකරිය කරගෙන ඉන්නෙ නැතුව නිරූපිකාවන්ට ඇදුම් ගෙනියන්න ගියේ ඇයි..?
රට තුළත් පාලාත් අතරත් සංචාරණ සීමා දැඩිව පනවා තිබියදී මෙසේ නීතිය කඩකළ පිරිසට මාධ්‍ය හා සමාජමාධ්‍යයේ හෙළිදරව්ව මත නීතිය ක්‍රියාත්මක වීම අතර තුරේ නීති ඇමතිගේ ක්‍රියා කළාපය මෙවන් ව්‍යසනයක් හමුවේ අදේශපාලනික,අනීතික, අමනෝඥ මෙන්ම සදාචාරාත්මක යන්න අති ගැටලුකාරීය…. මොරටු නගරාධිපතිට එක නීතියක් කුරුණෑගල නගරාධිපතිට හා ජේෂ්ඨ පොලිස් නිලධාරියාට තව නීතියක්, අවුරුදු 84ක් වූ වයෝවෘද්ධ අම්මාට හා ඇඟලුම් කම්හල් සේවිකාවන්ට තව නීතියක් ක්‍රියාත්මක කරන අතරේ හංසමාලිලා රැගෙන යන බස් රථ යූ ටර්න් කරවන්නට, ඇඳුම් ආයිත්තම් හියුටිකිරා හා අනෙකුත් සනීපාරක්ෂාක ද්‍රව්‍ය පිළිබඳ සොයා බලන්නට තරම් උනන්දු වූ ඇමතිවරයෙක් ලක් ඉතිහාසයේ හෝ ලෝක ඉතිහාසයේ හෝ සඳහන්ව නැත…
පළාත් අතර සංචරණ සීමා කඩකළ හැකි බලසම්පන්න දොස්තර හා බිරිය කවුරුන්ද….
දැඩි පළාත් සංචරණ සීමා කඩකරමින් පියුමි හංසමාලි හට රූපලාවණ්‍ය උපකරණ හා ඇදුම් ආයිත්තම් රැගෙන කොළඹ සිට බදුල්ල දිස්ත්‍රික්කය කරා සංචරණ සීමා කඩකිරීමට තරම් බලයක් අවභාවිතා කළහැකි වෛද්‍ය වරයා හා එකී බිරිය කවුරුන්ද යන්න පිලිබඳවත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම වෙනුවෙන් නීතිය වහාම ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වලට ඇති හැකියාව රටේ මහජනතාවද ප්‍රශ්න කරමින් සිටී… තවද අමාත්‍ය සරත් වීරසේකරගේ ක්‍රියා කළාපය දැඩි පිළිකුලෙන් හා විවේචනාත්මකව වාර්ථා කළ මාධ්‍යවේදී චමුදිත වැඩිදුරටත් පවසන්නේ අතීතයේ මාධ්‍ය වේදීන්ට සිදු වූ උගත් පාඩම් තිබුනද රටේ මහජනතාවට සිදුවන අසාධාරණ කම් වලදී ඔවුන් වෙනුවෙන් නාට්ටාමි රැකියාව කරන බවත් වෙඩිපිට වෙඩි ආවත් මඩපිට මඩ ආවත් මරණයට බිය නොවන බවත්, සත්‍ය වෙනුවෙන් "එක රටේ ක්‍රියාත්මක වන නීති පොත් දෙකට" එරෙහිව රටේ මහජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත්වන බවත් මෝස්තර නිරූපණන ශිල්පිනියන්ට ඇදුම් බෑග් උස්සන් නොයා ඇමතිකම කරගෙන සිටියා නම්..? ලෙසින් අමාත්‍යවරයා ප්‍රශ්න කරමිනි…
තවදුරටත් එක් රටක් එක් නීතියක් නම් අමාත්‍ය සරත් වීරසේකරට වහාම ඉල්ලා අස්වීම හැර වෙන විකල්පයක් නැත….
සුමුදු මද්දුමආරච්චි
මිලානෝ ඉතාලිය

