මේ දිනවල කර්මාන්තශාලාවල සේවය කරන තරුණ තරුණියන් ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
ඒ අනුව කර්මාන්තශාලා ප්‍රධානීන් දැනුවත් කර නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ඒවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවද විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.
“මේ දවස්වල කර්මාන්ත ශාලාවල රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. ඒ ආකාරයෙන් වැඩිපුර රෝගීන් හමුවෙනවා නම් ඒ ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරලා ඒ ආයතන තාවකාලිකව වසා දැමීමට බලාපොරොත්තුවෙනවා. නැත්නම් අපි උපදෙස් ලබාදීලා තියෙන්නේ ආසාදිත රෝගීන් වෙන්කර අරගෙන ආසාදිත නොවන සේවකයින් යොදවා කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට. සියලුම කර්මාන්තශාලා අවම බාධා යටතේ වැසීමකින් තොරව පවත්වාගෙන යෑමට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට කටයුතු කරමින් ඉන්නේ.”

