සංචරණ සීමා තවත් සතියක් අදින්න : සෞඛ්‍ය අංශ ඉල්ලීමක් !

සංචරණ සීමා තවත් සතියක් අදින්න : සෞඛ්‍ය අංශ ඉල්ලීමක් !

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ ආණ්ඩුවට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කොරෝනා රෝගීන් 3000ක් ඉක්මවා දෛනිකව වාර්තා වීම බරපතළ තත්වයක් බවත් එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත්සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් විසි එක් වෙනිදා රටපුරා සංචරණ සීමා පනවනු ලැබූ අතර පසුව එය 25දා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය හෙට (07) වනදා තෙක් පනවන ලදී.

හෙට දින ඉවත් කිරීමට නියමිතව තිබූ සංචරණ සීමා කිරීමේ නියෝගය මේ වනවිට ලබන සඳුදා (14) තෙක් දීර්ඝ කර ඇත.එහෙත් එය ලබන 21 වැනි දා දක්වා දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ යෝජනා කර ඇති බව මේ වනවිට වාර්තා වේ.

lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න