ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිට ඇප

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ  සභාපතිට ඇප

ජනාධිපති කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වූයේ යයි අසත්‍ය පුවතක් වාර්තා කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් රජීව් යසිරු කුරුවිටගේ ඇප මත මුදා හැර තිබේ.

රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගලගේ නියෝගය මත මුදාහැර තිබේ.

අන්තර්ජාලයට අසත්‍ය ප්‍රවෘත්තියක් මුදාහැරීම චෝදනා යටතේ රජීව් යසිරු කුරුවිටගේ පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

ඊයේ දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අද (09) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය.

නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.

සබැදි පුවත්:

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රිමාන්ඩ් !

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න