ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.
ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවත් පනත අනුව මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද ඔහු පැවසීය.
චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් වන අතර ඔහු යහපාලන ආණ්ඩුවේ ඛණිජ තෙල් අමාත්‍යවරයකු විය.
රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර සිටියේ ය.