Language Switcher

V2025

සයිබර් ත්‍රස්තවාදයට දැඩි පියවර ගත යුතුයි’’ - චම්පික

සයිබර් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් රජය වහාම දැඩි පියවර ගත යුතු යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි.

සයිබර් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ද රජය පියවර ගත යුතු අතර මෙම ක්‍රියාවන් අවුලූවන සහ ක්‍රියාත්මක කරන පිරිස් පිළිබඳව වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බවද ඇමතිවරයා සඳහන් කරයි.

ඊයේ (09) දින පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ඔහු එබව සඳහන් කළේ ය.

ආගම්වාදී ගැටුම් ඇතිකළ මහසොහොන් බලකාය පසුපස සිටින දේශපාලනඥයින් වහා රටට හෙළි කළ යුතු යයි ද ඔහු එහිදී කියා සිටියේය.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර, එමගින් කවර ආකාරයක පිරිස්ද, ආගමික නායකයින්, දේශපාලකයින් සම්බන්ධදැයි සොයා බලා විමර්ශනය කර ඒ සියළු දෙනාට දඬුවම් ලබාදිය යුතු බවත් දඬුවම් ලබා නොදීමෙන් සිදුවෙනුයේ තාවකාලික සාමය යට යමින් අනාගතයේදී මෙවැනි සිදුවීම් නැවත සිදුවිය හැකි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එම මාධ්‍ය හමුවේදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.

දියතලාව බස් රථයේ සිදුවූ පිපිරීම :

වංචනික ප්‍රචාර මගින් එනම් මෑත කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් වන දියතලාවේ බස් රථයේ සිදුවූ පිපිරීමත් සමග එල්.ටී.ටී.ඊ හිතවාදී කණ්ඩායම් නිකුත් කළාය කියන මාධ්‍ය නිවේදනයක් සමග රාජපක්ෂ මහතාගේ අසූචි වලේ ලැගලා ඉන්න පොහොට්ටුවේ නයකයින්ය කියා ගන්න දේශපාලන සූකරයින් විසින් විශාල ලෙස රට ගිණි තියන්න සැදු බවත්, කොටි ත්‍රස්තවාදීන් නැගිටින බවත්, ආණ්ඩුව කොටි ත්‍රස්තයින් හුරතල් කරන බවටත්, රණවිරුවන්ගෙන් පලි ගැනීම සඳහා එම සිදුවීම සිදුර කර ඇතිබව ප්‍රකාශ කරමින් රටගිනි තැබීම සඳහා විශාල ප්‍රයත්නයක් යෙදූ බවත් පැවසු ඇමතිවරයා, අද එය ආරක්‍ෂක අංශ සෙබලෙකුගේ පෞද්ගලික සිදුවීමක් බවට ඔප්පු වී ඇතැයි ද කිය.

එම සිදුවීම මුල් කර ගනිමින් රටේ ජනවාර්ගික ගැටුමක් ඇතිකිරීමට කටයුතු කළ සූකර දේශපාලනඥයින් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්දැයි ප්‍රශ්නකර සිටි චම්පික රණවක අමාත්‍යවරයා, එවැනි සිදුවීම නැවත නැවත වර්තා කරමින් මේ රට ඇවිලවීමට කටයුතු කළ මාධ්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුව ගවන්නා පියවර ගැන ද ප්‍රශ්න කර සිටියේය.

අම්පාරේ වඳපෙති :

අම්පාරේ ඇති වූ වඳපෙති පිළිබඳ ක්‍රියාවලිය ව්‍යාප්ත කරනු ලැබුවේ රාජපක්ෂ හිතවාදීන් විසින් බවත් එමගින් ජාතික රැුල්ලක් ඇති කර මුස්ලිම් ජනතාවගේ සහ දමිල ජනතාවගේ ශක්තියෙන් මෙම ආණ්ඩුව පවතින බව පෙන්වමින් සිංහල ජනතාව තුළ අනාරක්‍ෂිත හැඟීමක් ඇති කර, සිංහල ජනතාවගේ බහුතරය දිනා ගැනීමේ උත්සාහයක රාජපක්ෂවරුන් නියැලූන බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා සූකර දේශපාලකයින් විවිධ තුරුම්පු එකින් එක පසුගිය කාලයේදී පාවිච්චි කළ බවත් එහි ප්‍රතිපලයක් ලෙස අම්පාරේ සිදුවීම හැඳින්විය හැකි බවත්, ඒ පිළිබඳ රස පරීක්‍ෂක වාර්තාවේදී එය පිටිගුලියක් බව අනාවරණය වූ අතර එමගින් ජීවිතවලට, දේපලවලට, සමාජයට සිදුවූ හානිය දස දහස් ගණනක් බව ද ඔහු පෙන්වා දෙන ලදි.

එම සිදුවීම ඇවිලවීම සඳහා නොයෙක් අයුරින් උපකාර කළ සියළු දෙනාට, අත් අඩංගුවට ගත් පිරිස් සඳහා ඇප ලබාදීමට කටයුතු කළ අය පිළිබඳවත් වහාම සොයා බලා කටයුතු කළයුතු බවද ඇමතිවරයා සඳහන් කරයි.

මහසෝන් බලකාය හා ලංකා සී නිව්ස් ???

දිගන සහ මහනුවර ප්‍රදේශයන් හි ඇති වූ ගැටුම් කාරී තත්වය පිළිබඳව ගැනීමේදී මහසෝන් බලකාය කියා එකක් තිබෙන බවත් එහි නායකයින් ජාතික හෙළ උරුමයේ නායකයින්ට සම්බන්ධ බව බංකොලොත් රාජපක්ෂවාදීන් ප්‍රකාශ කරන බවද මහසොහොන් බලකාය වේවා, වීරවංශ බලකාය වේවා, රාජපක්ෂ බලකාය වේවා මේ පිටුපස සිටින්නේ කවුරුන්ද කියා සොයා බලා අවශ්‍යය නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

විශේෂයෙන්ම 'ලංකා සී නිවුස්' එක පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙන බවත්, උප්පැන්නයක්, හැඳුනුම්පතක්, ගුවන් ගමන් බලපත්‍රයක් නැති උපන් ගෙයිම වංචනික දේශපාලනඥයෙක් මේ පිටුපස සිටින බවත් මරණ ගෙවල් වල මරණ යට ගැහුවා සේ මේවා යට ගහන්න කටයුතු නොකරණ ලෙසද මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බව පොලිස්පතිවරයා වෙත දන්වා යැවූ බවද ඔහු සඳහන් කළේ ය.

හදිසියේ මෙවැනි පහරදීම් සිදු කිරීමට හේතුව ???

හදිසියේ මෙවැනි පහරදීම් සිදු කිරීමට හේතුව 2019 ජනාධිපති සිහිනය බොඳව යෑම බව පවසන අමාත්‍යවරයා, 2010 මෙන් සිංහල බහුතරය දිනා ගැනීමට බැරි බව මේ වන විට පැහැදිලි වී තිබෙන නිසා තමන්ට රටේ ජාතික ඡන්දයෙන් තිබෙන්නේ 39% ක් බව අප රට ඉදිරියේ ඔප්පු කිරීම නිසා අපේක්‍ෂා බංගත්වයට පත් ව ඇති බව ද සඳහන් කළේ ය.

එබැවින් තමන්ට එරෙහිව ක්‍රියාත්මක වන ශක්තිමත් චරිතවලට රාජපක්ෂවරුන් බියට පත් වී සූකර දේශපාලනඥයින් ලවා පහරදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳව තමන් ආඩම්බර වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් කිසිම ජන කණ්ඩායමක් නැවත වතාවක් රාජපක්ෂවරුන්ට රැවටීමට නොහැකි බවත්, පසුගිය මැතිවරණවල ඡන්ද ප්‍රතිපල විශ්ලේෂණය කිරීමේ දී මහින්ද සුළඟ බැහැගෙන යන බවත්, මාධ්‍ය සුළඟක් පමණක් ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ලේ වැගිරීමක් අවශ්‍ය වෙලා !

දැන් ඔවුනට ලේ වැගිරීමක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජනතාව තවදුරටත් නොරැවටෙන බවත්, අලූත්ගම සිදුවීම ගැන මුල සිටම පරීක්‍ෂණ කටයුතු සිදුකරන අතර එම ක්‍රියාවන් සඳහා මූල්‍යමය අනුබලයන් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සත්‍ය හෙළිකිරීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, එසේ නොමැති වුව හොත් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර මෙම සැකය ඉදිරියටත් පවතින බවත් කියා සිටියේය.

මහසොහොන් බලකාය කවුද? ඒ සඳහා අනුබල දෙන දේශපාලනඥයින් කවුරුන්ද, ඝාතන කල්ලි කණ්ඩායම් රටට වහාම ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන බවද සඳහන් කල අමාත්‍යවරයා, මෙවැනි ජාතිවාදී, ආගම්වාදී අරගල නැවත සිදු නොවන්නට සියලූ දේශපාලන පක්ෂ මෙන්ම සෑම ආගමික සංවිධානයක්ම ඒකාබද්ධ විය යුතු බවද එහිදි පැවසීය.