චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සමරු කාසියක් නිකුත් කිරීමට සූදානම් වන බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ජාතික වැදගත්කමක් සහිත අවස්ථා සැමරීම සඳහා කාසි නිකුත් කිරීම මහ බැංකුව සම්ප්‍රදායිකව සිදුකරනු ලබන නමුත් වෙනත් රටක දේශපාලන පක්ෂයක සැමරුමක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාසියක් නිකුත් කරන්නට යන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව විසින් සමරු කාසි නිකුත් කිරීම පසුගිය සදුදා ආරම්භ කර ඇත.
ඒ අනුව රන් කාසි තුනක්, රිදී කාසි පහක් හා තඹ කාසියක් චීන බැංකුව විසින් නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
