බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය ජූලි 06 නොව ජූලි 08 බව ආණ්ඩු හිතවාදි සමාජ මාධ්‍ය වාර්තා කර ඇත.
නිරෝධායන නීති අනුව 6 වෙනිදා පාර්ලිමේන්තු පැමිණීමට ඉඩක් නැති බැවින් 8 වෙනිදා ඒ සඳහා යොදාගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.
මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව "ආර්ථික සංවර්ධන" අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වුවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වඩා වැදගත් වන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එන දිනය නොව ඔහු පැමිණි පසු කරන බවට ගෝලයන් කියන දේවල් කරන්න සමත් වෙයිද යන්නය.
නැත්නම් සිදුවන්නේ තවදුරටත් ජනතා අප්‍රසාදය වර්ධනය වීම බවත් ඔවුන් පවසයි.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණීම සම්බන්ධව පසුගිය සමයේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට මැදිහත් වූ භික්ෂුන් වහන්සේලා විරෝධය දක්වමින් ද සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
