ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද පත් කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් අද (30) පෙරවරුවේ මෙම පත් කිරීම සිදු කර ඇත.
මීට පෙර ජයම්පතී බණ්ඩාර හීන්කෙන්ද ශ්‍රී ලාංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එම තනතුරට ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ හඩ්සන් සමරසිංහ පත් කෙරිණි.
නව පත්තකිරීම සිදු කෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ශ්‍රී ලාංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝලඩ් කුරේ යන අය එක්ව සිට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
