රසායනික පොහොර ගෙන්වීමට තීන්දුවක් නැහැ - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීමට තීන්දුවක් නැහැ - ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එවැනි කිසිදු අවසරයක් රජය විසින් ලබා දී නොමැති බවත්, ඉදිරියේ දී හෝ එවන් අවසරයක් ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිව රසායනික පොහොර සහ පළිබෝධ නාශක ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ගත් තීරණය නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  විසින් වෙනස්කර ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

Screenshot 2021 07 10 at 10.53.32

මේ අතර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, නව මුදල් අමාත්‍යවරයා පත්වීමෙන් පසු රජය වත්මන් සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැන මැති ඇමතිවරුන් හමු වී සාකච්ඡා කළ බවය.

එහිදි විවිධ අදහස් තර්ක සහ ප්‍රතිතර්ක රැසක් ඉදිරිපත් වු බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ සියල්ල සමබරව සමාලෝචනය කර වඩාත්ම නිවැරදි ක්‍රියාමාර්ගය සැලසුම් කිරීමට ඇවැසි අනුකමිටු 05ක් පත් කළ බවත් හරිත ආර්ථික පිළිවෙත වෙනස් කිරීමට එම සාකච්ඡාවල දී කිසිදු යෝජනාවක් නොවුන බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න