දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ඇරඹේ

දොරින් දොරට කප්රුක ජාතික වැඩසටහන ඇරඹේ

"දොරින් දොරට" කප්රුක ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පොල් පැළ ලක්ෂ 40ක් සිටුවීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ගේ ප්‍රධානත්වයෙන් අද (10) ආරම්භ කෙරුණි.

වැඩසටහන ආරම්භ කෙරුණේ හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදීය.

මේ හරහා පොල් ගෙඩි මිලියන 2,800ක් පමණ වන වාර්ෂික පොල් අස්වැන්න පොල් ගෙඩි මිලියන 3,600ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාවයි.

මෙම ජාතික වැඩසටහන සංවිධානය කරන්නේ, වැවිලි අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්වයි.

කාබනික පොහොර යොදා ගනිමින් පුරන් කුඹුරු ආශ්‍රිත “ඇලි වැටි” ක්‍රමයට පොල් වගා කෙරුණු බිමක් ජනාධිපතිතුමා එහිදී නිරීක්ෂණය කළේය.

අනතුරුව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය වෙත පැමිණි ජනාධිපතිතුමා පොල් නිෂ්පාදන සහ පොල් කිරි නිෂ්පාදන දිරිගැන්වීම සඳහා වන උපදේශනාගාරය නැරඹුවේය.

“දොරින් දොරට කප්රුක”ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.