Language Switcher

V2025

ගුරු - විදුහල්පතිවරුන්ට ආණ්ඩුව කළේ බරපතල අපහාසයක් : හෙට සිට සිසුන්ට ඔන්ලයින් නෑ

කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරීමට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ ක්‍රියාවලිය හෙට සිට සිදු කරන බව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් රැසක් ප්‍රකාශ කරන ලදී.

=ගුරු විදුහල්පති සංවිධාන 14ක එකමුතුවෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු මේ පිළිබද ප්‍රකාශ කළහ.

මේ අතර, මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසූවේ වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වුවද සිසුන්ට ඉගැන්වීම් කටයුතු ඔන්ලයින් හරහා සිදු කිරීමට එක් ගුරුවරයෙකු සිටියද ප්‍රමාණවත් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ උප ලේකම් රසිකා හදපාන්ගොඩ අද පැවති මාධ්‍ය හමුවේදී දැඩි ලෙස විරෝ්ධය පළ කරන ලදී.

මේ අතර නිරෝධායන නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිකුත් කර ඇති නිවේදනය උල්ලංඝනය කරමින් තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

මුලිතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටින පිරිස සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාවලියට එරෙහිව අදහස් පළ කළේ ය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්,

0ce49a43 new project 2021 07 11t224100.001

අපි දැක්කා ශ්‍රී ලංකා නීතිඥ සංගමය බරපතල පැහැදිලි කිරීමක් කරලා තිබුණා. එහෙනම් දැන් අපිව තියන් ඉන්නේ ඇයි. මේක සම්පූර්ණයෙන් වැරද්දක් .ඒ නිසා අපි කියනවා වහාම අපිව නිදහස් කරන්න කියලා

මේ අතර පසුගිය 07වැනිදා අත්අඩංගුවට පත්ව, පසුව ඇපමත මුදා හැර මේ වනවිට පල්ලේකැලේ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින දුමින්ද නාගමුව  ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළ කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,

92889a7f whatsapp image 2021 07 11 at 19.18.23 1

දැන් මේ පැහැර ගැනීමට දවස් 04 ක් වෙනවා. අද උදෑසන අපිට පී.සි.ආර්. පරීක්ෂණ සියල්ල දුන්නා .එම වාර්තාවල අපි 06 දෙනාගේම කොවිඩ් නෙගෙටිව් කියලා තියෙනවා. ඒකට අනුව දැන් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව සෞඛ්‍ය හේතුවක් කියලා අපිව තියාගන්න උත්සාහ කරනවා නම් තවදුරටත් කිසිම හේතුවක් නෑ අපිව මේ විදිහට තියාගෙන ඉන්න. මේක පැහැදිලිව ආණ්ඩුව ගෙනයමින් ඉන්න ජනතා විරෝධි වැඩපිළිවෙළට ජනතාව පෙළ ගැසෙන එක නතර කිරීමක්.=