Language Switcher

Ad

Ad 01

V2025

අගමැති කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය නරඹයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය-2021ආරම්භක දිනය වූ ඊයේ (10) රාත්‍රියේ "මංගල පෙරහර" නැරඹීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  එක්ව සිටියේය.

කතරගම ඇසළ මංගල්‍යයේ ප්‍රධාන අංගයක් ලෙස වාර්ෂිකව පවත්වන පෙරහර මංගල්‍යය සුවිශේෂී සම්ප්‍රදායන් හා චාරිත්‍රවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සංවිධානය වෙයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ඇසළ මහා පෙරහර මංගල්‍යය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මහජන සහභාගීත්වයකින් තොරව සංවිධානය වේ.

මංගල පෙරහර පැවැත්වෙන අවස්ථාවට රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කිරිවෙහෙර රජ මහ විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද නාහිමි සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් වික්‍රමරත්න ගුණසේකර, කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන යන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

jpg

hl 1856680327

=