කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද Back to School සහ Back to Sportmeet වැඩසටහන පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
ආදි ශිෂ්‍ය සංගමය පැවසුවේ එය පාසල් ඉතිහාසයේ පළමු වරට පැවති එබඳු වැඩසටහනක් බවයි.
මෙහිදී 2008 වසරේ රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් ජීවිතක්‍ෂයට පත් වූ පැසි පන්දු ක්‍රීඩකයින් සැමරීම ද සිදු කළ අතර පාසලේ අධ්‍යාපනය ලැබූ මියගිය රණවිරුවන් සැමරීම ද මෙහිදී සිදු වූ තවත් අංගයකි.
මෙම අවස්ථාවට ආදි සේනානායකයන් වන සුමිත්‍රා ගාර්මන්ට් අධිපති ජාෆර් සතාර්, ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, හිටපු ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, ආදි ගුරු භවතුන් සහ ආදි සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



