නුදුරේ එන ව්‍යයසනය : රනිල් පහදයි !

නුදුරේ එන ව්‍යයසනය : රනිල් පහදයි !

"අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් කෝටි 400 යි. අවුරුද්ද මැද බැඳුම්කර ණය බේරුවහම එතනින් ඩොලර් කෝටි 100 ක් අඩු වෙනවා. එහෙනම් අපිට දැන් තියෙන්නේ ඩොලර් කෝටි 300 ක විතර ප්‍රමාණයක්. ඊට අමතරව තෙල් සංස්ථාව නොගෙව්ව ඩොලර් බිල්පත් වටිනාකම ඩොලර් කෝටි 130 යි. අද අපේ වාණිජ බැංකුවල ඩොලර් නෑ. අපේ බැංකු ණය වෙලා තියෙන්නේ. ඒ සංඛ්‍යා ලේඛන පිට කරලා නෑ. ඒත් දැන් එන ආරංචි හැටියට ඒක ඩොලර් කෝටි 300 යි" හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අද (14) ලංකාව මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පවසයි.

"එහෙනම් දැනට අපිට ගෙවන්න තියෙන ණය ඩොලර් කෝටි 430 යි .අපි ළඟ තියෙන්නේ කෝටි 300 යි.ඔය 300 යෙනුත් අපිට තව කෝටි 100 ක් පමණ ප්‍රමාණයක් අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා බොන්ඩ් ණය ගෙවන්න තියෙනවා. ඉතින් මොකක්ද අපිට ඉතිරි වෙන්නේ. අපිට ආනයනය කරන්න මුදල් නෑ. ඒ නිසා සීමා කරනවා. පොහොර ගේන්න මුදල් නෑ. ඒකයි කියන්නේ කාබනික පොහොර ගන්න කියලා. වෙන හේතුවක් නිසා නෙවෙයි. වරායේ තෙල් නැවක් තියෙනවා. ගෙවන්න දැන් ඩොලර් හොයනවා .අපේ එන්නත් විදින එක අවුරුදු 30 ට වැඩි අයට සීමා කරලා තියෙන්නේ හැම එක්කෙනාටම එන්නත ගේන්න මුදල් නැති නිසා. මෙන්න මේ තත්ත්වයක අපි ඉන්නේ අපි කිව්වට කොහෙන්වත් මුදල් ලැබුණේ නෑ.කොටි කාලීන සොෆ්ට් ණය ලැබුණ එක අපිට අයේ ගෙවන්න තියෙනවා.ඒත් ළඟදී ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය තීරණය කලා ඩොලර් කෝටි 6500ක් තමන්ගේ සාමාජිකයන් 190 අතරේ බෙදන්න. ඒ නිසා අපිටත් ඩොලර් කෝටි 80 ක් පිනට ලැබෙනවා. ඒ මුදලුත් මදි. මේ අවුරුද්දට .තවත් මුදල් ඕනේ .ඉතින් වෙනත් අංශ නැත්තම් මම යෝජනා කරන්නේ දැන් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධ වෙලා ඊළඟ අවුරුදු දෙක තුනට උවමනා ඒ මුදල් ප්‍රමාණය ලබා ගන්න. ජාත්‍යන්තර අරමුදලේ විශේෂයෙන්ම සහතිකය ලැබුණහම ඉන්දියාව, චීනය, ජපානය වාගේ රටවල් වලිනුත් අපිට මුදල් ලබා ගන්න පුළුවන්.නැත්තම් සිදු වෙන්නේ එන අවුරුද්ද මැද වෙනකොට අපේ විරැකියාව වැඩි වෙනවා. අපේ බඩගින්න වැඩි වෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න