Language Switcher

Ad

Ad 01

V2025

අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනාට ඇප

ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (04) විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.

අද (05) පස්වරුවේ ඔවුන්ව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සමග පොලිස් භාරයට ගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

නඩුව සැප්තැම්බර් 17වනදා යළි කැඳවීමට නියමිතය.