ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක් එයි !

ෆයිසර් එන්නත් මාත්‍රා 76,000 ක් එයි !

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක තොගයක් අද (23) උදෑසන කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙනවිත් ඇත.

මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට (24) දිනයේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබේ.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ ඊට අමතරව තවත් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අගෝස්තු මාසය අවසන්වීමට පෙර මෙරටට ලැබීමට නියමිත බවය.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චීන තානාපති කාර්යාලය සදහන් කළේ, මේ වනවිට චීනය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 13.98ක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවය.

එය මෙරට එන්නත් කළ යුතු ජනගහනයෙන් සියයට 95ක ප්‍රතිශතයක් බව චීනා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මේ වනවිට මෙරට පුද්ගලයින් 01 කෝටි 20 ලක්ෂ 88,864 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊට අමතරව පුද්ගලයින් 56 ලක්ෂ 20,254 දෙනෙකුට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබේ.

මේ අතර වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබානොගත් සියලු පුද්ගලයින් පිළිබඳ අද දිනය තුළ තොරතුරු ලබාගැනීමට රජය විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව වාර්තා වෙයි.

ගම්මට්ටමින් අදාළ තොරතුරු ලබාගෙන ඉදිරි සතිය තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න