හම්බන්තොටට ෆයිසර් ගිය හැටි : සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි !

හම්බන්තොටට ෆයිසර් ගිය හැටි : සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි !

ෆයිසර් එන්නත හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබා දීමට තීරණය කළේ, රජය විසින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි .

එම ලැබුණු උපදෙස් අනුව අදාල එන්නත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යැබූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජවරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ සඳහන් කළ අතර ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එන්නත් බෙදාහැරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය විසින් බවද ඔහු එහිදී පැවසීය.

එසේ නැතිව එන්නත් ලබා දෙන කිසිදු රටක් ඒවා ලබා දිය යුතු ප‍්‍රදේශ නිර්දේශ නොකරන බවද ඔහු පැවසුවේ මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.

මේ සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් චෝදනා කර සිටියේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බලපෑම මත මෙය සිදුව ඇතැයි කියාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න