Language Switcher

Ad

Ad 01

V2025

කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි.

ලබන 15 වනදා ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත කබ්රාල් මීට පෙර වසර 09 කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධුරය හොඹවා ඇත.

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වූයේ, අද උදෑසනයි.