Language Switcher

V2025

වරායේ බටහිර පර්‍යන්තය අදානට : ගිවිසුම අත්සන් කළා !

කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ 51% ක කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට අදාළ ගිවිසුම අද (30) අත්සන් කර ඇත.

වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාද, අදානි සමාගම වෙනුවෙන් එහි නියෝජිතයෙකුත් ගිවිසුමට අත්සන් කළ බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරියට වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට නියමිත ය.

මේ අනුව සමාගමේ අනෙක් හවුල්කාර පාර්ශ්වය වන ජෝන් කීල්ස් සමාගම ද අද බටහිර පර්යන්තයට අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

මෙතැන් සිට කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ 51% ක කොටසක් ඉන්දීය අදානි සමාගමට , 34% ක් ජෝන් කීල්ස් සමාගමට සහ වරාය අධිකාරියට 15% ක් ලෙස පවතී.