Language Switcher

V2025

නිදහසෙන් පසු මිනිස්සු හිතුවේ බඩ ගැන මිස රට ගැන නෙවෙයි !

නිදහස ලැබීමෙන් පසු ජනතාව බඩ ගැන සිතමින් සිටියා මිස රට ගැන සිතුවේ නැති බව පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාගර කාරියවසම් පවසයි.

බඩ ගැන සිතන ගමන්ම රට ගැනත් නොසිතුවොත් අනාගතය ගැන නොසිතා බඩ ගැන සිතා කටයුතු කළේ යැයි අනාගත පරපුර අපට සාප කරනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව සඳහන් කර සිටියේ එම පපක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ලෝක ආර්ථිකය මේ වනවිට අර්බුදයක ඇති බවත් ශ්‍රී ලංකාවටද එය බලපාන බවත් පැවසූ ඔහු ලෝක ආර්ථික තත්වය ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි එකක් බවද කියා සිටියේය.