එළැඹෙන මහ කන්නය සඳහා කාබනික පොහොර නිකුත් කිරීම අද (13) සිට ආරම්භ කරන බව වාර්තා වෙයි.
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පවසා ඇති ආකාරයට මෙසේ බෙදා හැරෙන්නේ මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොරය.
දිවයිනපුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත එම කාබනික පොහොර බෙදා හරිනු ඇත.
කාබනික දියර පොහොර දේශිය නිෂ්පාදකයින්ගෙන් මිලදි ගත් බව ද ඔහු සඳහන් කර ඇත.
ඊට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
