විද්වතුන් පෙරටුව : යුක්තිය ඉල්ලන රැල්ල ලන්ඩන් නුවර !

විද්වතුන් පෙරටුව : යුක්තිය ඉල්ලන රැල්ල ලන්ඩන් නුවර !

ඔක්තෝබර් 16වන සෙනසුරාදා ලන්ඩනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ ඉල්ලීම් කීපයක් මුල්කරගත් විරෝධතා උද්ඝෝෂණය ඉතා විශාල වෘත්තීයවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

ලන්ඩන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ඕනෑම කෙනෙක්ට තම අදහස් යෝජනා විරෝධතා දැක්වීමට තරම් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තිබුනද, ඉන්න රටක් එක නීතියක් ඉල්ලූ ලාංකිකයාට එය හිමිද යන්න ප්‍රශ්නයකි. ඒ නිසාවෙන් ලන්ඩන් ශ්‍රී ලාංකික ඩයස්පෝරාව 16 වෙනිදා පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටියහ.

හිටපු අගමැති දියණියකුත් විරෝධතාවට එක්වෙලා..!

හිටපු අග්‍රාමාත්‍ය අභහවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායකගේ දියණියකවන වෛද්‍ය තුෂ් වික්‍රමනායකද එම විරෝධතාව අතරට එක්ව සිටියාය. එහිදී ඇය දැඩිව ආණ්ඩුව විවේචනය කරමින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් හෙළිකරගැනීම, වින්දිතයින්ට යුක්තිය මෙන්ම භාෂණයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස වෙනුවෙන් එක්ව ක්‍රියාකරමින් වෙනසකට මුලපිරීමට දමිල ඩයස්පෝරාව වත්මන් පරම්පාරාවට ආරාධනා කලේ සිංහල ඩයස්පෝරාව හා එක්ව එකම ධජය යටතේ ශ්‍රී ලංකන් ඩයස්පෝරාව ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

ඇය තවදුරටත් කියා සිටියේ වත්මන් රජය බලය ලබාගැනීම පිණිස ජාතිවාදය උපරිමයෙන් භාවිතා කළ බැවින් එකී අවස්ථාවේම තමන් හා තම දරුවන් මුස්ලිම් වරුන්ගේ ව්‍යාපාර වෙත ගොස් සැබෑ ශ්‍රී ලාංකියන් බෙදෙන්නට සූදානම් නොමැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ බවත්ය.

විද්වතුන් රැසක් එක්ව විරෝධතාව බල ගන්වයි….!

ලන්ඩනයේ වෙසෙන වෛද්‍ය වරුන් ඉංජිනේරුවන් නීතීඥයින් හා විවිධ වෘත්තිකයන් එක්ව විරෝධතාවට ජවයක් එක් කළහ,

එහිදී පිළිගැනීමේ කතාව Milton Keynes University රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය පියල් පෙරේරා විසින් ආරම්භ කරමින් ආරම්භ කළ උද්ඝෝෂණයට වෛද්‍ය රංජිත් වෙල්ගම, ඇතුලු බොහෝ පිරිස් එක්ව සිටියහ.

උද්ඝෝෂණ රැල්ල දියකරන කුමන්ත්‍රණය දිගටම !

බොලොඤ්ඤාවලින් ආරම්භ වී ඉතා වේගයෙන් ලොව පුරා පැතිරෙන පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම හා මහ මොළකරුවන් හෙළිකිරීමේ විරෝධතා උද්ඝෝෂණ රැල්ල දියකර හැරීමේ උත්සාහයක ආණ්ඩු හිතවාදීන් කිහිපදෙනෙකු නිරතව සිටියි. ආසන්තම හේතුව ලෙස ඉතාලියේ මිලානෝ නගරයේ පැවති උද්ඝෝෂණය සත්‍යග්‍රහයක් ලෙසින් දියාරු කිරීමට යාමේදී රැස්ව සිටි පිරිසෙන් ආ විරෝධය මත නැවත උද්ඝෝෂණ ස්වරූපයෙන් එය අවසන් කළද කඩාකප්පල් කාරී කුමන්ත්‍රණ කරුවන් උද්ඝෝෂණය අසාර්ථක බවට පුවත් මැවීමය.

එමෙන්ම ලන්ඩන් උද්ඝෝෂණය හුදෙක් දේශපාලන උවමනාවක් බව පෙන්වමින් ඊට සහභාගී වීමට සිටි බොහෝ පිරිස් නොමග යවමින් දුරකථන ඇමතුම් ලැබී ඇති බවද වාර්ථා වී ඇත…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ,

ඉතාලිය.

{gallery}londan-2{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න