අසාදු පොහොර නොගත්තට : චීනා මහජන බැංකුවට කරපු දේ !

අසාදු පොහොර නොගත්තට : චීනා මහජන බැංකුවට කරපු දේ !

ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදු ලේඛනගත කළ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා මහජන බැංකුව L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් අත්විඳ ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල අලාභයක් සිදු වූ බව එහි සඳහන් ය.

ඒ අනුව මහජන බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බවත් නිවේදනයේ සඳහන් ය.

අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි (L/C) පිළිගැනීමෙන් වළකින ලෙසත් එම කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත සිහිපත් කරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න