බැසිල්ගේ යුගදනවිය ගිවිසුමෙන් ගේම ඉල්ලන : අලුත් සුළඟ මෙන්න !

බැසිල්ගේ යුගදනවිය ගිවිසුමෙන් ගේම ඉල්ලන : අලුත් සුළඟ මෙන්න !

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය දන්වයි.

එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට (29)

රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාව, රටට ආදරය කරන කිසිම පාර්ශ්වයකට මගහැර යා නොහැකි, මාතෘකාවක් බව පැහැදිලිය.

එබැවින් ඒ පිළිබඳ විද්වත් අදහස් මත ගොඩනැගෙන නිශ්චිත යෝජනා සාකච්ඡා කිරීමේ “මහජන මන්ත්‍රණ සභා සැසියක්” 2021.10.29 (හෙට) දින සවස 3:00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වීමට අපි තීරණය කළෙමු.

මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය, පහත දේශපාලන පක්‍ෂ නායකයින් නියෝජනය කරනු ඇත.

මූලාසන මණ්ඩලය

  1. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, 2 . ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා
  2. ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා,
  3. ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා
  4. මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මැතිතුමා,
  5. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා
  6. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ මැතිතුමා
  7. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මැතිතුමා,
  8. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතවුල්ලා මැතිතුමා
  9. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මැතිතුමා
  10. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මැතිතුමා

මෙයට, විශ්වාසී,

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සංවිධායක කමිටුව වෙනුවෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න