විමල් ප්‍රසිද්ධියේ බැසිල්ගෙන් ගේම ඉල්ලයි !

විමල් ප්‍රසිද්ධියේ බැසිල්ගෙන් ගේම ඉල්ලයි !

යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට පවරාදීමට අදාල කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකළ බව ඇමති විමල් වීරවංශ පවසයි.

යුගදනවි බලාගාරය ඇමරිකානු සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ජනතාවට කරුණු දැක්වීම සදහා අද පස්වරුවේ පැවති මහජන මන්ත‍්‍රණ සභාව අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.

මුදල් අමාත්‍යවරයා විසින් අදාල කැබිනට් පත‍්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කුමන්ත‍්‍රණකාරී ආකාරය පිළිබදව සවිස්තර කරුණු දැක්වීමක් අමාත්‍යවරයා ඉදිරිපත් කළේ ය.

ඇමති කට්ටක් වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කළ නො හැකි බවද මහජන මන්ත‍්‍රණ සභාව අමතමින් අමාත්‍යවරයා පැවසී ය.

(Mawrata)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න