ආණ්ඩුවට සුසිල් ඇමතිගෙන් තවත් ප්‍රහාරයක් !

ආණ්ඩුවට සුසිල් ඇමතිගෙන් තවත් ප්‍රහාරයක් !

එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා අලුතින් කාර්ය සාධක බලකා ඇති කිරීමේ උවමනාවක් නැතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙසය .

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපරාධ නීතියේ මූලික නීතිය දණ්ඩ නීති සංග්‍රහය. ඒක හැදුවෙ සුද්දො. ඒ තරම් පැරැණි එකකින් තමයි අපේ රටේ අපරාධ නීතිය හැදුනෙ. මේ තරම් කාලයක් පැවතගෙන ආවේ එනිසා.

එක රටක් එක නීතියක් පිළිබඳ නම් අධිකරණයට ගියාම අධිකරණය ඉදිරියේ හැමෝම සමාන වෙන්න ඕන. අධිකරනයෙන් වැරදිකරුවන් වන සමහරෙකුට සමාව ලැබෙනවා සමහර සමහරෙකුට ලැබුණේ නෑ. එතකොට එක රටක් එක නීතියක් නෑනේ. එනිසා එතනින් තමයි පූර්වාදර්ශය දෙන්න ඕන .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න